පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1547/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම සහ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම දෙපාර්තමේන්තුවේ වැටුප් හා දීමනා වෙනුවෙන් වාර්ෂිකව වැය වන මුදල කොපමණද;
(iii) දෙපාර්තමේන්තුවේ සේවකයන්ට ගෙවනු ලබන දීමනා වර්ග කවරේද;
(iv) විදේශ තැපැල් සේවාවන් සැපයීමෙන් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව උපයනු ලබන ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-19
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
වාර්ෂික ආදායම (රු.මි) |
වාර්ෂික වියදම (රු.මි) |
|
2022 |
9,269 |
16,272 |
|
2023.06.30 දිනට |
6,541 |
8,166 |
(ii)
|
වාර්ෂික වියදම (රු.මි) |
2022 (රු.මි) |
2023.06.30 දිනට (රු.මි) |
|
වැටුප් හා වේතන |
8,388 |
4,085 |
|
අතිකාල දීමනා |
1,256 |
646 |
|
වෙනත් දීමනා |
4,867 |
2,425 |
|
එකතුව |
14,511 |
7,156 |
(iii) i. අතිකාල දීමනාව
ii. ජීවන වියදම් දීමනාව
iii. අන්තර් දීමනාව
iv. විධායක දීමනාව (රා.ප.ච. 18/2015 (1) අනුව විධායක නිලධාරින්ට පමණක් ගෙවනු ලැබේ.)
v. භාෂා දීමනාව (රා.ප.ච. 29/98 හා 18/2020 අනුව මව් භාෂාවට අමතරව වෙනත්)
vi. සෙනසුරාදා දීමනාව (තැපැල් කාර්යාලවල මෙහෙයුම් කාර්ය මණ්ඩලයට පමණක් ගෙවනු ලැබේ.)
vii. සීතල දීමනාව (සීතල ප්‍රදේශවල සේවයේ යෙදෙන කාර්ය මණ්ඩලය සඳහා ගෙවන දීමනාවකි.)
viii. උප තැපැල් ස්ථානාධිපති දීමනාව (උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු සඳහා පමණක් ගෙවනු ලැබේ.)
ix. උපදේශන දීමනාව (තැපැල් අභ්‍යාස ආයතනවල උපදේශකවරුන් සඳහා පමණක් ගෙවන දීමනාවකි.)
x. පාපැදි දීමනාව (තැපැල්කරු, විදුලි පණිවුඩකරු හා ධාවකයන්ට පමණි.)
xi. ඉන්ධන දීමනාව (SL - 1 ශ්‍රේණි සඳහා ගෙවනු ලබන දීමනාවකි.)
xii. ප්‍රවාහන දීමනාව (රා.ප.ච. 05/2016 අනුව ගෙවනු ලබන දීමනාවකි.)
xiii. දුරකථන දීමනාව (විධායක ශ්‍රේණියේ නිලධාරින්ට පමණක් ගෙවනු ලබන දීමනාවකි.)
(iv)
|
වාර්ෂික ආදායම (රු.මි) |
2022 (රු.මි) |
2023.06.30 දිනට (රු.මි) |
|
විදේශීය අධිවේගී තැපෑල (EMS) |
544 |
404 |
|
විදේශ පාර්සල් ආපසු එවීමේ ගාස්තු |
0.13 |
0.08 |
|
ජාත්‍යන්තර තැපෑල |
577 |
400 |
|
එකතුව |
1,121.13 |
804.08 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks