01

E   |     |  

 දිනය: 2023-06-06   පිළිතුර ලබා දී ඇත 

1542/2023: තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල: පුහුණු වන්නන්

1542/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසලේ පුහුණුව ලැබූ  සංඛ්‍යාව කොපමණද;

            (ii)       පුහුණුව අවසන් කිරීමෙන් පසු එම පුහුණවට අදාළ වෘත්තීන්වල නිරතවන  සංඛ්‍යාව කොපමණද;

(iii) පුහුණුව අවසන් කරන ලද තරුණ වරදකරුවන් සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කරන්නේද;

(iv) ඔවුන් දේශීය හා විදේශීය රැකියා සඳහා  යොමු කිරීමට වැඩපිළිවෙළක් තිබේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-06-06

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)   

වර්ෂය

2015

2016

2017

2018

2019

ජනවාරි 01 දින සිටි සිසුන් ගණන

41

43

38

33

28

වර්ෂය තුළ ඇතුළත් කළ සිසුන් ගණන

22

14

25

28

30

වර්ෂය තුළ ඉවත් වූ සිසුන් ගණන

20

19

30

33

22

දෙසැම්බර් 31 දිනට සිටි සිසුන් ගණන

43

38

33

28

36

 

                        ගරු කථානායකතුමනි,  1939 අංක 28 දරන තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාල ආඥාපනත යටතේ අධිකරණවලින් යොමු කරන වයස අවුරුදු 16 සිට 22 දක්වා වූ වරදකරුවන් විතරයි මෙම පාසලට ඇතුළත් කර ගනු ලබන්නේ. ඔවුන්ව තබා ගන්නට පුළුවන් උපරිම කාලය ‍අවුරුදු තුනයි. ඒ අනුව දැනට 12දෙනෙක් අධ්‍යාපනය ලබනවා.

 

(ii) වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක නොවේ. සිසුන්ගේ මානසික සංවර්ධනය සඳහා උ‍පදේශන හා ආගමික වැඩසටහන් සිදු කරනු ලබන අතර, අ‍.පො.ස (සා.පෙළ) විභාගය ඉලක්ක කර ගත් විෂය නිර්දේශය ක්‍රියාත්මක කරනු ලබයි.

(iii) ඔව්. ( ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ මධ්‍ය කාරක සභාවේ පශ්චාත්භාර කළමනාකාර තැනගේ අධීක්ෂණය යටතේ වසර 01ක පසු විපරමක් සිදු කරනු ලබයි.)

(iv) ඔව්.

ඔවුන් රැකියා සඳහා ඍජුවම යොමු කිරීමක් සිදු නොවුවද රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙනු ලබයි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks