පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1541/2023
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් අක්කරවලින් කොපමණද;
(ii) එම කුඩා තේ වතුවලින් වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන තේ ප්‍රමාණය කොපමණද;
(iii) කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වටිනාකම කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i)
|
දිස්ත්‍රික්කය |
ඉඩම් ප්‍රමාණය (අක්කර) |
|
කොළඹ |
998 |
|
ගම්පහ |
247 |
|
කෑගල්ල |
31,759 |
|
කළුතර |
42,212 |
|
මහනුවර |
28,010 |
|
මාතලේ |
1,828 |
|
නුවරඑළිය |
14,353 |
|
ගාල්ල |
74,510 |
|
මාතර |
63,548 |
|
හම්බන්තොට |
2,480 |
|
බදුල්ල |
23,339 |
|
මොණරාගල |
726 |
|
රත්නපුර |
106,398 |
(2022.12.31 දිනට ශ්‍රී ලංකා තේ මණ්ඩල දත්ත)
(ii)
|
දිස්ත්‍රික්කය |
තේ නිෂ්පාදනය - නිමි තේ (කිලෝ මිලියන) - 2022 |
|
කොළඹ |
1 |
|
ගම්පහ |
8 |
|
කෑගල්ල |
8 |
|
කළුතර |
15 |
|
මහනුවර |
25 |
|
මාතලේ |
1 |
|
නුවරඑළිය |
13 |
|
ගාල්ල |
35 |
|
මාතර |
29 |
|
හම්බන්තොට |
- |
|
බදුල්ල |
11 |
|
මොණරාගල |
- |
|
රත්නපුර |
51 |
|
එකතුව |
189 |
(2022.12.31 දිනට ශ්‍රී ලංකා තේ මණ්ඩල දත්ත)
(iii)
|
ව්‍යාපෘතිය |
සහනාධාරයේ වටිනාකම (හෙක්ටෙයාරයකට රුපියල්) |
|
තේ නැවත වගා ව්‍යාපෘතිය |
630,000.00 |
|
නව තේ වගා ව්‍යාපෘතිය |
500,000.00 |
|
පාළු පැළ සිටුවීම |
එක් පැළයකට රු.100.00 |
(iv) ඉහත සඳහන් සහනාධාර ව්‍යාපෘති හැර පහත පියවර ගෙන ඇත.
ඒ වාගේම පසුගිය කාලය තුළදී තේ ප්‍රවර්ධන අරමුදලෙන් සියයට 50ක් වගාව ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා ගෙන ඇත. මේ වසරේ සිට ඍජු තේ වගාව සඳහා ඉඩම් හිමියන්ට නොමිලේ තේ පැළ ලබා දීම සිදු කිරීමට කටයුතු කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks