01

E   |     |  

 දිනය: 2023-11-23   පිළිතුර ලබා දී ඇත 

1513/2023: දේශීයව සපයනු ලබන සහ ආනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය: විස්තර

1513/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය පරිභෝජනය කොපමණද;

              (ii)      එම අවශ්‍යතාවයෙන් දේශීයව සපයාගනු ලබන මත්ස්‍ය ප්‍රමාණය හා ආනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ශ්‍රී ලංකාවට මත්ස්‍යයන් ආනයනය කරනු ලබන රටවල් කවරේද;

(iv) මත්ස්‍ය ආනයනය සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-23

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය පරිභෝජනය පහත පරිදි වේ.              

 

2019

2020

2021

2022

2023 ජනවාරි - සැප්තැම්බර්

ජනගහනය

21,803,000

21,919,000

22,156,000

22,181,000

22,037,000

පරිභෝජනය (මෙට්‍රික්ටොන්)***

632,380

572,140

514,400

452,760

342,110

*** සම්පූර්ණ මසුන්ගේ (පිරිසැකසුම් කිරීමට පෙර) තෙත බරට ගළපා ආනයනික කරවල, හාල්මැස්සන්, ටින් මාළු වැනි ආනයනික මත්ස්‍ය නිෂ්පාදනද ඇතුළත්ව.

              (ii)        දේශීය මත්ස්‍ය නිෂ්පාදනය (මෙට්‍රික්‍ටොන්)

 

2019

2020

2021

2022

2023 ජනවාරි - සැප්තැම්බර්

කරදිය

415,490

326,930

331,675

280,610

212,420

මිරිදිය

90,340

101,810

104,235

116,620

79,700

සමස්ත එකතුව

505,830

428,740

435,910

397,230

292,120

අපනයනය කළ ප්‍රමාණය ***

53,083

39,327

52,330

53,391

35,615

දේශීය පරිභෝජනය

452,747

389,413

383,580

343,839

256,505

 

*** අපනයනයේදී පිරිසැකසුම් කිරීමට පෙර (process) අවශ්‍ය වන සම්පූර්ණ තෙත මසුන් ලෙස ගළපා.

කරවල, වියළි හාල්මැස්සන්, උම්බලකඩ, ටින් මාළු, මාළු සහ වෙනත් මත්ස්‍ය විශේෂ කිහිපයක් වසර 5ක් තුළ ආනයනය සිදු කර ඇත්තේ පහත පරිදිය.

ආනයනික මසුන් ප්‍රමාණය (මෙට්‍රික්‍ටොන්)    

 

2019

2020

2021

2022

2023 ජනවාරි - සැප්තැම්බර්

එකතුව

95,451

85,710

56,033

41,605.1

34,313.2

(iii) ප්‍රධාන වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය, තායිලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, මාලදිවයින, චිලී රාජ්‍යය, ඕමානය, වියට්නාමය, තායිවානය, ජපානය, පාකිස්තානය, යේමනය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මසුන් ආනයනය සිදු කරනු ලැබේ.

(iv) කරවල, වියළි හාල්මැස්සන්, උම්බලකඩ, ටින් මාළු හා දේශීයව ප්‍රමාණවත් පරිදි අල්ලා ගනු නොලබන තලපත්, කොප්පරා වැනි මාළු විශේෂ සහ වෙනත් මත්ස්‍ය විශේෂ වසර 5ක් තුළ ආනයනය සඳහා වැය කරනු ලැබූ මුදල පහත පරිදිය.

 

2019

2020

2021

2022

2023 ජනවාරි - සැප්තැම්බර්

එකතුව

(රුපියල් මිලියන)

38,664

35,329

24,827

21,234.2

16,681.4

(ආ)  අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks