පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1321/2023
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය යන උද්‍යානවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සමිතිය” නමින් සංවිධානයක් පිහිටුවා ඇති බවත්;
(ii) වන සංරක්ෂණ අඥාපනතේ විධිවිධානවලට පටහැනිව එම සංවිධානය ස්ථාපිත කර ඇති බවත්;
(iii) එම සංවිධානය විසින් රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට පටහැනි වන ආකාරයට ලබා ගෙන ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) එම සංවිධානය විසින් සිදු කර ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-10
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks