පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1315/2023
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට කුළුබඩු වර්ග ආනයනය කරන්නේද;
(ii) එසේ නම්, එම කුළුබඩු වර්ග කවරේද;
(iii) ඉහත සඳහන් එක් එක් කුළුබඩු වර්ගයේ වාර්ෂික අවශ්‍යතාවය සහ ආනයනය කරනු ලබන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන එක් එක් කුළුබඩු වර්ගයේ වාර්ෂික අස්වැන්න වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ආනයනය කරනු ලබන කුළුබඩු වර්ගවල දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-08
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා (2021 සහ 2022) අනුව කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා, එනසාල්, පැඟිරි, සේර, ඉඟුරු, කහ සහ ගොරකා නිෂ්පාදන වාර්ෂිකව සුළු පරිමාවන්ගෙන් මෙරටට ආනයනය කරනු ලැබේ.
(iii) 2021 සහ 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රේගුව මඟින් නිකුත් කරන ලද දත්තවලට අනුව කුළුබඩු ඇතුළු එක් එක් අපනයන කෘෂි බෝගයට අදාළ සමස්ත ආනයන ප්‍රමාණ පහත වගුව මඟින් දක්වා ඇත.
|
බෝගය |
ආනයන ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) 2021 වර්ෂය |
ආනයන ප්‍රමාණය (මෙට්‍රික් ටොන්) 2022 වර්ෂය |
|
කුරුඳු |
0.42 |
18.22 |
|
ගම්මිරිස් |
60.34 |
52.07 |
|
කරාබු නැටි |
16.03 |
2.24 |
|
සාදික්කා |
5.17 |
2.16 |
|
කරදමුංගු (එනසාල්) |
2.61 |
1.58 |
|
ඉඟුරු |
3.17 |
4.15 |
|
කහ |
0.80 |
0.02 |
|
ගොරකා |
22.75 |
24.04 |
මූලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව
2021 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දත්තවලට අනුව අපනයන කෘෂි බෝගවල වාර්ෂික ගෘහාශ්‍රිත පරිභෝජනය පිළිබඳ දත්ත පහත වගුව මඟින් දක්වා ඇත.
|
බෝගය |
ගෘහාශ්‍රිත පරිභෝජනය (මෙට්‍රික් ටොන්) - 2021 වර්ෂය |
|
කුරුඳු (වියළි) |
1,164 |
|
කරාබු නැටි (වියළි) |
52 |
|
ගම්මිරිස්(වියළි) |
11,494 |
|
සාදික්කා සහ වසාවාසී (වියළි) |
3 |
|
කරදමුංගු (වියළි) |
34 |
|
ඉඟුරු (අමු) |
5,195 |
|
කහ(වියළි) |
9,978 |
මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
දේශීය කර්මාන්ත සහ අනෙකුත් අවශ්‍යතා ඇස්තමේන්තුගත කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත මූලයන් නොපවතින බැවින්, වාර්ෂික දේශීය අවශ්‍යතාව පිළිබඳ එක් එක් කුළුබඩු වර්ගය පිළිබඳ සංඛ්‍යා දත්ත නොමැත.
(iv) 2021 දත්ත වාර්තාවලට අනුව කුළුබඩු ඇතුළු අපනයන කෘෂි බෝගවල වාර්ෂික අස්වැන්න පහත වගුව මඟින් දක්වා ඇත.
|
බෝගය |
නිෂ්පාදනය (වියළි මෙට්‍රික් ටොන්) - 2021 වර්ෂය |
|
කුරුඳු |
22871.9 |
|
ගම්මිරිස් |
25046.7 |
|
කරාබු නැටි |
3837.1 |
|
සාදික්කා |
2818.1 |
|
කරදමුංගු (එනසාල්) |
104.1 |
|
ඉඟුරු (අමු) |
25455.3 |
|
කහ (අමු) |
65945.0 |
|
ගොරකා |
3323.3 |
මූලාශ්‍රය: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය
සටහන: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වගා වපසරිය හා ඵලදායීතාව පිළිබඳ දත්ත මත පදනම්ව වාර්ෂික නිෂ්පාදන ගණනය කර ඇත.
*ඉඟුරු, කහ සහ බුලත් හැර ඉතිරි සියලුම බෝගවල වියළි අස්වැන්න මෙහි දක්වා ඇත.
(v) මේ සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
· අපනයන කෘෂි බෝග නව වගා ප්‍රවර්ධන වැඩසටහන
මේ යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ අපනයන කෘෂි බෝග පැළ සහනදායී මිල ගණන් යටතේ වගාකරුවන්ට ලබා දෙනු ලැබේ.
· අපනයන කෘෂි බෝග වගාවන්හි ඵලදායීතාවය නැංවීමේ වැඩසටහන -PIP
මේ යටතේ වගා ක්ෂේත්‍රය තුළ පවතින පාළු ප්‍රමාණය මත පදනම්ව සියයට 50ක උපරිම පාළු ප්‍රතිශතයකට යටත්ව සහනදායී මිල ගණන් යටතේ පැළ නිකුත් කරනු ලැබේ.
· ගෙවතු වගා වැඩසටහන
ඌන උපයෝජිත කුඩා ඉඩම්වල අපනයන කෘෂි බෝග වගාව ප්‍රචලිත කිරීම තුළින් ගෘහාශ්‍රිත ආදායම් මාර්ග සකසා දීම සහ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
· උචිත තාක්ෂණය භාවිතයෙන් අපනයන කෘෂි බෝගවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන
අපනයන කෘෂි බෝග සඳහා අවශ්‍ය වන පෙර අස්වනු තාක්ෂණ උපකරණ, පසු අස්වනු තාක්ෂණ උපකරණ මිලදී ගැනීමට සහ සැකසුම් මධ්‍යස්ථාන, තෙල් නිස්සරණ ඒකක ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන කර්මාන්ත පහසුකම් පිහිටුවීම සඳහා මේ යටතේ ආධාර ලබා දෙනු ලැබේ.
· අපනයන කෘෂි කලාප වැඩසටහන
අපනයන කෘෂි බෝග වගා කිරීම, සැකසීම සහ ප්‍රවර්ධනය කිරීම ගොනුගත කර කලාප වශයෙන් වෙන් කිරීම සහ එම කලාප සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
· අපනයන කෘෂි බෝග කාලගුණ විපර්යාසවලට අනුහුරු කරවීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම පිණිස වන ආයෝජන ආධාර වැඩසටහන
· පලිබෝධ/සත්ව හානි බහුලව වාර්තා වන කොකෝවා වැනි බෝග සඳහා පලිබෝධ/සත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධති හඳුන්වා දීම පිණිස වන ආයෝජන ආධාර වැඩසටහන
· මෙම සියලුම වැඩසටහන්වලදී අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම, වගා ක්ෂේත්‍ර පරීක්ෂාවන් සහ අවශ්‍ය විටකදී පාංශු පරීක්ෂාවන් සිදු කර දීම වැනි තවත් සේවා දෙපාර්තමේන්තුව විසින් නොමිලේ සපයනු ලැබේ.
· ගුණාත්මකභාවයෙන් ඉහළ පැළ වගාකරුවන් වෙත ලබා දීම සඳහා තවාන්වල පැළ නිෂ්පාදනය ක්‍රමවත් කිරීම පිණිස අපනයන කෘෂි බෝග පැළ සහතිකකරණ ක්‍රියාවලිය දෙපාර්තමේන්තුවේ සෑම දිස්ත්‍රික් කාර්යාලයක් මඟින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
මීට අමතරව බෝගවල නිෂ්පාදකතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝග හා පලිබෝධවලට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කරන ලද බෝග ප්‍රභේද සහ වරණ ගණනාවක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.
එමෙන්ම, රෝග හා පලිබෝධ පාලනය සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීම, ක්ෂේත්‍ර පරීක්ෂාවන් සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම දෙපාර්තමේන්තුව මඟින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
අපනයන කෘෂි බෝග අගය දාමයෙහි සියලුම පාර්ශ්වකරුවන් සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ ක්ෂේත්‍ර සහාය ලබා දීම දිවයින පුරා ව්‍යාප්තව පවතින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සේවාව මඟින් සිදු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks