01

E   |     |  

 දිනය: 2012-11-12   පිළිතුර ලබා දී ඇත 

2154/2012: ශ්‍රී ලංකා තේ මණ්ඩලය : ලාභය / අලාභය

2154/’11

 

ගරු දයාසිරි ජයසේකර මහතා,—  වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       වර්ෂ 2005  සිට මේ දක්වා ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය ලැබූ ලාභය හෝ අලාභය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       මේ වනවිට තේ මණ්ඩලයේ සිටින සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) ඔවුන්ගේ  වැටුප් ගෙවීම  සඳහා මාසිකව වැය වන මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) එම ආයතනය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ ලිපිනය කවරේද;

(ii) එම ස්ථානය ස්ථිර, බදු හෝ කුලී පදනම මත ලබාගෙන තිබේද;

(iii) එ‍සේ නම්, එම ස්ථානය සඳහා මාසිකව හෝ වාර්ෂිකව ගෙවනු ලබන කුලී මුදල කොපමණද:

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු වත්කම් කවරේද;

(ii) මේ වනවිට එම ආයතනය පාඩු ලබන්නේ නම්, එයට හේතු කවරේද;

(iii) එම ආයතනය බදු දීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-12

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්ද සමරසිංහ මහතා (වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த சமரசிங்க - பெருந்தோட்டக் கைத்தொழில் அமைச்சர்)

(The Hon. Mahinda Samarasinghe - Minister of Plantation Industries)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලාභ හෝ පාඩු මූලික පරමාර්ථය කර ගෙන පවත්වා ගෙන යනු ලබන ආයතනයක් ‍නොවන අතර, එය කටයුතු කරනුයේ තේ කර්මාන්තයේ නියාමනය, සංවර්ධනය සහ ප්‍රවර්ධනය උදෙසා 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ සංස්ථාපිත ආයතනයක් වශයෙනි. ඒ අනුව මෙම ආයතනය මඟින් ලාභ හෝ පාඩු ලැබීමක් අපේක්ෂා නොකෙරේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවත්වා ගෙන යනුයේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු‍ව විසින් නිකුත් කර ඇති අංක 58 (2) හා 2011.09.15 දිනැති චක්‍රලේඛය යටතේ වර්ගීකරණය කරන ලද ප්‍රවර්ධන ආයතනයක් වශයෙනි. එබැවින්, එහි වැටුප් ගෙවීම සඳහා සහ ඇතැම් සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනුයේ මහා භාණ්ඩාගාරය වන අතර, ඉතිරි කටයුතු සඳහා අවශ්‍ය වන මුදල්, තේ මණ්ඩලය විසින් උපයා ගනු ලැබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත පසු ගිය වසර 03 තුළ (2009, 2010, 2011) මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රතිපාදන පිළිවෙළින් රුපියල් මිලියන 254, 192, 122ක් විය. මෙලෙස ප්‍රතිපාදන අඩු වීමට හේතු වූයේ තේ මණ්ඩලය විසින් උපයා ගත් ආදායම මණ්ඩලයේ වියදම් සඳහා යොදා ගත් බැවිනි. තේ මණ්ඩලය තේ කර්මාන්තයේ නියාමන කටයුතු වෙනුවෙන් ගාස්තු වශයෙන් උපයා ගන්නා ආදායම සංවර්ධන, ප්‍රාග්ධන හා අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා යොදා ගනු ලැබේ. එසේ උපයා ගත් ආදායම 2009, 2010, 2011 යන වර්ෂවලදී පිළිවෙළින් රුපියල් මිලියන 38, 72, 163ක් විය.

(ii) වර්තමාන සේවක සංඛ්‍යාව 245කි.

(iii) මසකට රුපියල් මිලියන 9.1කි.

 

(ආ) (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ප්‍රධාන කාර්යාලය, අංක 574,

ගාලු පාර, කොළඹ 03.

(ii) නැත. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු ගොඩනැඟිල්ලකි.

(iii) පැන නොනඟී.

 

(ඇ)         (i)      2011.12.31 දිනැති ශේෂ පත්‍රය අනුව පැවති වත්කම් පහත පරිදි වේ.

වර්ගය                                                  2011.12.31 දිනට

                                                         වටිනාකම (රුපියල්)

ඉඩම්                                                   353,836,280.00

ගොඩනැඟිලි                                            202,490,912.50

යන්ත්‍රෝපකරණ                                       11,194,204.87

රසායනාගාරඋපකරණ                                 32,194.357.19

පරිගණක උපාංග හා අනෙකුත් කාර්යාල උපකරණ    16,665,346.48

රථ වාහන                                              25,228,250.00

                                                       641,609,351.04

              (ii)      පැන නොනඟී.

             (iii)      නැත.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks