Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Plantation Industries,—
(a) Will he state—
(i) separately, the loss incurred or the profit earned annually by the Sri Lanka Tea Board, from the year 2005 to date;
(ii) the number of employees attached to the Sri Lanka Tea Board, at present; and
(iii) the amount of money spent monthly for the payment of their salaries ?
(b) Will he inform this House—
(i) of the address of the place where the aforesaid institution is run;
(ii) whether that place has been obtained on permanent, lease or rent basis; and
(iii) if so, the amount of the rent paid monthly or yearly for the aforesaid place?
(c) Will he also state—
(i) the assets owned by the Sri Lanka Tea Board;
(ii) the reasons, if the aforesaid institution incurs losses at present; and
(iii) whether action will be taken to lease out or sell the aforesaid institution ?
(d) If not, why?
Asked Date
2012-11-12
Asked by
Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.
Ministry
Plantation Industries
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු මහින්ද සමරසිංහ මහතා (වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்த சமரசிங்க - பெருந்தோட்டக் கைத்தொழில் அமைச்சர்)
(The Hon. Mahinda Samarasinghe - Minister of Plantation Industries)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලාභ හෝ පාඩු මූලික පරමාර්ථය කර ගෙන පවත්වා ගෙන යනු ලබන ආයතනයක් නොවන අතර, එය කටයුතු කරනුයේ තේ කර්මාන්තයේ නියාමනය, සංවර්ධනය සහ ප්‍රවර්ධනය උදෙසා 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ සංස්ථාපිත ආයතනයක් වශයෙනි. ඒ අනුව මෙම ආයතනය මඟින් ලාභ හෝ පාඩු ලැබීමක් අපේක්ෂා නොකෙරේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවත්වා ගෙන යනුයේ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අංක 58 (2) හා 2011.09.15 දිනැති චක්‍රලේඛය යටතේ වර්ගීකරණය කරන ලද ප්‍රවර්ධන ආයතනයක් වශයෙනි. එබැවින්, එහි වැටුප් ගෙවීම සඳහා සහ ඇතැම් සංවර්ධන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනුයේ මහා භාණ්ඩාගාරය වන අතර, ඉතිරි කටයුතු සඳහා අවශ්‍ය වන මුදල්, තේ මණ්ඩලය විසින් උපයා ගනු ලැබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත පසු ගිය වසර 03 තුළ (2009, 2010, 2011) මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රතිපාදන පිළිවෙළින් රුපියල් මිලියන 254, 192, 122ක් විය. මෙලෙස ප්‍රතිපාදන අඩු වීමට හේතු වූයේ තේ මණ්ඩලය විසින් උපයා ගත් ආදායම මණ්ඩලයේ වියදම් සඳහා යොදා ගත් බැවිනි. තේ මණ්ඩලය තේ කර්මාන්තයේ නියාමන කටයුතු වෙනුවෙන් ගාස්තු වශයෙන් උපයා ගන්නා ආදායම සංවර්ධන, ප්‍රාග්ධන හා අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා යොදා ගනු ලැබේ. එසේ උපයා ගත් ආදායම 2009, 2010, 2011 යන වර්ෂවලදී පිළිවෙළින් රුපියල් මිලියන 38, 72, 163ක් විය.
(ii) වර්තමාන සේවක සංඛ්‍යාව 245කි.
(iii) මසකට රුපියල් මිලියන 9.1කි.
(ආ) (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ප්‍රධාන කාර්යාලය, අංක 574,
ගාලු පාර, කොළඹ 03.
(ii) නැත. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සතු ගොඩනැඟිල්ලකි.
(iii) පැන නොනඟී.
(ඇ) (i) 2011.12.31 දිනැති ශේෂ පත්‍රය අනුව පැවති වත්කම් පහත පරිදි වේ.
වර්ගය 2011.12.31 දිනට
වටිනාකම (රුපියල්)
ඉඩම් 353,836,280.00
ගොඩනැඟිලි 202,490,912.50
යන්ත්‍රෝපකරණ 11,194,204.87
රසායනාගාරඋපකරණ 32,194.357.19
පරිගණක උපාංග හා අනෙකුත් කාර්යාල උපකරණ 16,665,346.48
රථ වාහන 25,228,250.00
641,609,351.04
(ii) පැන නොනඟී.
(iii) නැත.
(ඈ) පැන නොනඟී.
Answered Date
2012-11-12
Answered by
Hon. Mahinda Samarasinghe, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks