පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1301/2023
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ඇඟළුම් කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඇඟළුම් කර්මාන්තශාලා තුළින් උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 2020 සිට මේ දක්වා එම ඇඟළුම් කර්මාන්තශාලා මඟින් ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායමට ලැබුණු දායකත්වය ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟළුම් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව දන්නේද;
(ii) ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය දියුණු කිරීමට ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-28
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks