පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2153/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ‍්‍රී ලංකා කැරම් මූලස්ථානය දැනට පවත්වාගෙන යන ස්ථානය කවරේද;
(ii) එය කුලී හෝ බදු පදනම මත පවත්වාගෙන යන්නේද;
(iii) වත්මන් ස්ථානයට රැගෙන ඒමට පෙර කැරම් මූලස්ථානය පැවති ස්ථානය කවරේද;
(iv) එම ස්ථානයෙන් ඉවත්වීමට හේතු වූ කරුණු කවරේද;
(v) දැනට පවත්නා ස්ථානයේ ඇති පහසුකම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ‍්‍රී ලංකා කැරම් සම්මේලනය පවත්වාගෙන යාමට නිත්‍ය ස්ථානයක් ලබා දීමට කටයුතු කරන්නේද;
(ii) කැරම් ක්රීඩාවේ අනාගතය සුරක්‍ෂිත කිරීම සඳහා දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට නියමිත ක‍්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே)
(The Hon. Mahindananda Aluthgamage)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) අංක 120/1, හයිලෙවල් පාර, මහරගම.
(ii) කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබේ.
(iii) 1995 සිට රීඩ් මාවතේ තුරඟ තරග පිටිය ගොඩනැඟිල්ල
(iv) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තුරඟ තරග පිටිය ගොඩනැඟිල්ලේ සියලුම අංශ ඉවත් කරන ලදී.
(v) කැරම් මූලස්ථානය දැනට පවත්නා ස්ථානයේ පහසුකම් ඉතා අඩු මට්ටමක පවතී.
(ආ) (i) කැරම් සම්මේලනය ඇතුළු ක්‍රීඩා සම්මේලනවලට අදාළ කාර්යාල ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරමින් පවතින බැවින් එම කටයුතු නිම වූ වහාම කාර්යාල පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ii) කැරම් ක්රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීමට පහත සඳහන් තීරණගෙන ඇත.
- 2012 වර්ෂයට රු. 2,000,000.00 (මිලියන දෙකක) මුදලක් වෙන් කර ඇති අතර එම මුදල රු. 500,000.00 (ලක්ෂ 5ක්) ලෙස සහ රු. 1,500,000.00 (ලක්ෂ 15ක්) ලෙස වාර දෙකකදී දැනටමත් ලබා දී ඇත.
- 16 වන දකුණු ආසියාතික කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වීමට (බංගලාදේශය) නිලධාරින් 06 දෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දුන් අතර එවැනි අවස්ථාවන්හිදී අමාත්‍යාංශය මැදිහත් වේ.
- ශ්‍රී ලංකා කැරම් සම්මේලනයට අවශ්‍ය සෑම අවස්ථාවකදීම උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම කරනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks