බලන්න

04

E   |     |  

 දිනය: 2012-09-19   පිළිතුර ලබා දී ඇත 

2133/2012: COMMONWEALTH GAMES 2018 : SPONSORSHIP

2133/’11

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් වියදම් කළ මුදල සපයා ගත් ආකාරය කවරේද;

            (ii)      එකී වියදම් සිදු කළ අයිතමයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i) ඉහත තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සිදු කළ වියදම් හේතුවෙන් මෙරටට ප‍්‍රතිලාභයක් ලැබුනේද;

(ii) එසේ නම්, එම ප‍්‍රතිලාභ කවරේද;

(iii) එම ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කටයුතු කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව කොපමණද;

(iv) එම එක් එක් සාමජිකයාගේ  නම, තනතුර සහ ඒ සඳහා ඇති සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-09-19

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு  மஹிந்தானந்த அலுத்கமகே)

(The Hon. Mahindananda Aluthgamage)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      මුළු ආයෝජනයෙන් යම් ප්‍රතිශතයක් රජයෙන්ද හා ඉතිරිය පෞද්ගලික අං‍ශයෙන්ද ප්‍රතිපාදන සපයා ගෙන ඇත.

                         පෞද්ගලික අංශයේ මැදිහත්වීම භෞතික හා මූල්‍යමය වශයෙන් අංශ දෙකකික් සිදු විය. ‍භෞතිකව පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, ඉහළ මට්ටමේ ක්‍රීඩකයින්, ගායනයෙන්, නර්තන ශිල්පීන්, කලාකරුවන්,  මාධ්‍යකරුවන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය, ක්‍රීඩා පරිපාලකයින්, පරිගණක විශේෂඥයින්, බැංකු කරුවන්, අපනයන ආනයනකරුවන් සහාය ලබා දී ඇත.

මූල්‍යමය වශයෙන් සෘජු මූල්‍ය සහායන් ගෘහ නිර්මාණ සේවා, නවාතැන් පහසුකම්, ගමන් පහසුකම් සහ පරිගණක, විදුලි සන්දේශ යන සේවා සැපයීමේදී නොමිලේ සහ අඩු මිලට ලබා දී ඇත.

(ii) ලංසු පත්‍රිකාව සකස් කිරීමේ කාර්යයේ යෙදුණු පී.එම්.සී. ලෙගසි සමාගම සඳහා

 

                                                    රුපියල් මිලියන

වෘත්තිමය සේවය                            331,354,502

ගුවන් ටිකට්පත් සඳහා                            4,037,988

නවාතැන් සහ අනිකුත් වියදම්                   2,959,072

                                                  338,357,562

                                                    =========

විශේෂ පර්යේෂණ කටයුතු සඳහා

                                                     රුපියල් මිලියන

නාගරික සංවර්ධන අධිකාරිය                   2,966,786

ද නිල්සන් සමාගම                               1,313,760

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව                    61,000

මුදුණය කිරීමේ වියදම්                           3,064,500

                                                  345,757,608

                                                    =========

(ආ) (i) ඔව්.

(ii) 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම අරමුණු කොට ලන්සු පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඉහත සඳහන් වියදම් දැරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. එම ලන්සුව ශ්‍රී ලංකාවට නොලැබුණු බැවින් 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබූ අවස්ථාව අහිමි විය.

(iii) සාමාජික සංඛ්‍යාව 04කි.

(iv)

 

නම

තනතුර සහ සුදුසුකම්

01

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා

ක්‍රීඩා අමාත්‍ය

02

අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

03

ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා

පාර්ලිමේන්තු මන්ත්‍රී - හම්බන්තොට

04

ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා සහ වොලිබෝල් සංගමයේ සභාපති

 

 

 

 

 

 

 

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks