පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2131/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිසියම් තැනැත්තෙකු විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන රැගෙන ගොස් තිබේද;
(ii) එසේ නම්, එම තැනැත්තා කවුරුන්ද;
(iii) ඔහු රැගෙන ගොස් ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
(iv) එම වාහනවල වර්ග සහ ලියාපදිංචි අංක කවරේද;
(v) එම වාහන රැගෙන ගිය දිනය කවරේද;
(vi) මාර්ග සංවර්ධන අධිකාරිය වෙත එම වාහන ආපසු ලබා දුන්නේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රජයේ වාහන ඉහත පරිදි රැගෙන යාම 2004.01.08 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක‍්‍රලේඛයට පටහැනි බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම වාහන රැගෙන යාම සම්බන්ධයෙන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-18
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිර්මල කොතලාවල මහතා
(மாண்புமிகு நிர்மல கொத்தலாவல)
(The Hon. Nirmala Kotalawala)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) කිසිම තැනැත්තෙකු විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන රැගෙන ගොස් නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks