පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2121/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2005 සිට 2011 දක්වා කාල සීමාවේදී මාර්ග සංවර්ධන අධිකාරියට කුලී පදනම මත වාහන ලබාගෙන තිබේද;
(ii) එසේ නම්, ලබා ගත් වාහන කවරේද;
(iii) එම වාහන කවර කාර්යයන් සඳහා යොදා ගන්නේද;
(iv) එම කුලී වාහන සැපයූ ආයතනවල නම්, ලිපිනයන් සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(v) ඉහත වාහන ලබාගත් වර්ෂයන් කවරේද;
(vi) මේ වන විට එම වාහන නිදහස් කර තිබේ නම්, එම නිදහස් කළ වර්ෂයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)
(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)
(The Hon. Nirmala Kotalawala - Minister of Ports and Highways)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) ඇමුණුම I හි සඳහන් වේ.
(iii) ඇමුණුම I හි සඳහන් වේ.
(iv) ඇමුණුම II හි සඳහන් වේ.
(v) ඇමුණුම II හි සඳහන් වේ.
(vi) ඇමුණුම II හි සඳහන් වේ.
(ආ) පැන නොනඟී.
ඇමුණුම් සභාගත* කරමි.
* පුස්තකාලයේ තබා ඇත.
* நூனிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2013-05-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks