01

E   |     |  

 දිනය: 2012-07-20   පිළිතුර ලබා දී ඇත 

2115/2012: මාර්ග නිර්මාණ සහ සංවර්ධන සමාගම : වත්කම්

2115/’11

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාර්ග නිර්මාණ සහ සංවර්ධන සමාගම සතුව තිබී සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගමට ලබාදුන් උපකරණ, ඉඩම්, ගොඩනැගිලි හෝ වෙනත් සම්පත් කවරේද;

(ii) ඒවා පිහිටි ස්ථාන කවරේද;

(iii) ලබා දී ඇති ගොඩනැගිලිවල වර්ග ප‍්‍රමාණය කොපමණද;

(iv) උපකරණ සහ යන්ත‍්‍ර ලබාදීමේ දී එදිනට තක්සේරු කරන ලද මිල ගණන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මගනැගුම සමාගමට ලබාදුන් යන්ත‍්‍ර සහ උපකරණවල සමස්ත වටිනාකම කොපමණද;

(ii) එම වටිනාකම් සඳහා ගිවිසුමකට එළැඹී තිබේද;

(iii) එසේ නම්, එම ගිවිසුම සභාගත කරන්නේද;

(iv) එම ගිවිසුම අනුව ලබාගත් වටිනාකම් වෙනුවෙන් රජයට කළ යුතු ගෙවීම් අවසන් කිරීමට නියමිත කාල සීමාව කවරේද;

(v) එම ගෙවීම්වලින් දැනට ගෙවා ඇති  මුදල සහ ගෙවිය යුතු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-07-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)

(The Hon. Nirmala Kotalawala - Deputy Minister of Ports and Highways)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      මාර්ග නිර්මාණ සහ සංවර්ධන සමාගම සතුව තිබී සීමාසහිත මග නැඟුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගමට යන්ත්‍රෝපකරණ, ඉඩම්, ගොඩනැඟිලි හෝ වෙනත් සම්පත් කිසිවක් ලබා දී නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ආ) (i) අදාළ නොවේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ඇ) මාර්ග නිර්මාණ සහ සංවර්ධන සමාගම සතුව තිබූ යන්ත්‍රෝපකරණ හා වාහනවලින් ඉතා වැඩි කොටසක් ඈවරකරු විසින් වෙන්දේසි කරන ලදී.

ඉතා සුළු ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවරා ගන්නා ලද අතර, එසේ පවරා ගත් වත්කම් මග නැගුම ආයතනයට කුලී පදනම මත නිදහස් කර ඇත. එබැවින් එය මාර්ග සංවර්ධන අධිකාරිය සතු වත්කමක් මිස මාර්ග නිර්මාණ සහ සංවර්ධන සමාගම සතු වත්කමක් නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2012-11-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks