පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
869/2023
ගරු රෝහණ බංඩාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම වකුගඩු රෝගීන් අතරින් මේ වනවිට වකුගඩු දීමනාව ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (i) හි සඳහන් වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2015 -2022 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 තුළ වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව වර්ෂ අනුව පහත දැක්වේ.
2015 2,835
2016 3,287
2017 2,380
2018 1,613
2019 1,506
2020 889
2021 822
2022 1,083
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් ඇති තොරතුරු ඇමුණුම මඟින් දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ii) වකුගඩු රෝගීන්ට අදාළ දීමනා ලබා දීම සිදු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නොව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාතංශයට අයත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟිනි. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ නොවේ.
(iii) වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග:
• මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 52ක් ලබා දී ඇති අතර, ඒවා අනුරාධපුර, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව සහ තඹුත්තේගම රෝහල්වල ස්ථාපිත කිරීම.
• 2017 වර්ෂයේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට රුධිර කාන්දුකරණයට අමතරව පරිතාන කාන්දුකරණය - peritoneal dialysis - සඳහා පහසුකම් ලබා දීම.
• රුධිර කාන්දුකරණ රෝගීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් නවාතැන් පහසුකම් සැපයීමට සහ වකුගඩු රෝගය පිළිබඳව වෛද්‍ය නිලධාරින් සහ හෙද නිලධාරින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස "මෙත්සිරි සෙවණ" ගොඩනැඟිල්ල ඉදිකිරීම.
• අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ජනතාවගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ප්‍රතිආශ්‍රැතිකරණ පානීය ජල පෙරන යන්ත්‍ර -osmosis drinking water filters - ලබා දීම.
• ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වකුගඩු රෝගීන්ට නිවාස ආධාර ලබා දීම.
• 2022 වර්ෂයේදී සාමාන්‍ය ජනතාව වකුගඩු රෝගීන් දැයි හඳුනා ගැනීම සඳහා සියලු පහසුකම් සහිත ජංගම රසායනාගාර බස් රථයක් දිස්ත්‍රික්කය වෙත ලබා දීම.
• රජය විසින් හඳුනාගත් වකුගඩු රෝගීන්ගේ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යාධාර සහ අඩු ආදායම්ලාභී වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර පහසුකම් සැපයීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks