04

E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

0862/2023: Statistics of Tests done with regard Covid-19

862/2023

ගරු රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2019 සිට 2022 දක්වා රජය සහ පෞද්ගලික අංශය විසින් කොවිඩ්-19 සඳහා  සිදුකරන ලද මුළු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඉහත සඳහන් එක් එක් පරීක්ෂණය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වූ දේශීය නියෝජිතයන්ගේ නම් කවරේද?

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සඳහා රජය විසින් එක් ඒකකයක් සඳහා දරන ලද වියදම කවරේද;

 

(ii) 2019  සිට 2022 කාලසීමාවට අදාළව, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ සඳහා රජය විසින් දරන ලද මුළු වියදම ක‍වරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො‍එසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks