පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
860/2023
ගරු නීතීඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2019 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ —
(i) රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව;
(ii) තහවුරු කරන ලද කොවිඩ්-19 මරණ සංඛ්‍යාව;
(iii) එම මරණ සංඛ්‍යාව වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පදිංචි පළාත සහ දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ආගම අනුව වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වර්ෂ 2019 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 —
(i) මෘතදේහ බැහැර කිරීම සඳහා යොදාගත් ක්‍රමවේද/ ක්‍රමවේදය කවරේද;
(ii) ආදාහනය කිරීමෙන් බැහැර කරන ලද මෘතදේහ සංඛ්‍යාව කොපමණද ;
(iii) භූමදානය කිරීමෙන් බැහැර කරන ලද මෘතදේහ සංඛ්‍යාව කොපමණද;
(iv) වයස, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, පළාත සහ දිස්ත්‍රික්කය, ජනවර්ගය සහ ආගම අනුව ආදාහනය කරන ලද සහ භූමදානය කරන ලද මෘතදේහ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-23
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) කොවිඩ්-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 671,893කි.
(ii) කොවිඩ්-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා තහවුරු කරන ලද කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 16,817කි.
(iii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පවතින තොරතුරු අනුව තහවුරු කරන ලද කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පදිංචි පළාත සහ දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
වයස
|
වයස් කාණ්ඩය |
එකතුව |
|
0 - 10 |
43 |
|
10 - 20 |
46 |
|
20 - 30 |
134 |
|
30 - 40 |
373 |
|
40 - 50 |
1,024 |
|
50 - 60 |
2,280 |
|
60 - 70 |
3,931 |
|
70 - 80 |
5,120 |
|
80 - 90 |
3,144 |
|
90 -100 |
708 |
|
100-110 |
14 |
|
මුළු එකතුව |
16,817 |
ස්ත්‍රී/පුරුෂභාවය
|
ස්ත්‍රී/පුරුෂභාවය |
එකතුව |
|
ස්ත්‍රී |
7,361 |
|
පුරුෂ |
9,456 |
|
මුළු එකතුව |
16,817 |
පළාත
|
පළාත |
එකතුව |
|
දකුණ |
1,537 |
|
මධ්‍යම |
1,451 |
|
නැඟෙනහිර |
748 |
|
සබරගමුව |
1,454 |
|
ඌව |
748 |
|
බස්නාහිර |
8,012 |
|
උතුරු |
691 |
|
උතුරු මැද |
727 |
|
වයඹ |
1,449 |
|
මුළු එකතුව |
16,817 |
දිස්ත්‍රික්කය
|
දිස්ත්‍රික්කය |
එකතුව |
|
ගාල්ල |
895 |
|
හම්බන්‍තොට |
237 |
|
මාතර |
405 |
|
නුවරඑළිය |
329 |
|
නුවර |
834 |
|
මාතලේ |
288 |
|
කෑගල්ල |
559 |
|
රත්නපුරය |
895 |
|
ත්‍රිකුණාමලය |
229 |
|
අම්පාර |
271 |
|
මඩකලපුව |
248 |
|
බදුල්ල |
505 |
|
මොණරාගල |
243 |
|
කොළඹ |
3,335 |
|
ගම්පහ |
3,134 |
|
කළුතර |
1,543 |
|
අනුරාධපුරය |
469 |
|
පොළොන්නරුව |
258 |
|
යාපනය |
386 |
|
කිලිනොච්චිය |
71 |
|
මන්නාරම |
31 |
|
මුලතිව් |
44 |
|
වවුනියාව |
159 |
|
පුත්තලම |
384 |
|
කුරුණෑගල |
1,065 |
|
මුළු එකතුව |
16,817 |
(ආ) (i) කොවිඩ්-19 මෘත දේහ බැහැර කිරීමේ දී, කොවිඩ්-19 වයිරස් ප්‍රභේදයේ ස්වභාවය සහ ලෝකයේ අනෙකුත් රටවල් ක්‍රියා කරන ලද ආකාරය සලකා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා "කොවිඩ්-19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව" විසින් වරින් වර නිර්දේශ ලබා දීම සිදු කර ඇත. එහිදී මිය ගිය පුද්ගලයන්ගේ මරණවල අවසන් කටයුතු කිරීමට අදාළව කමිටුව විසින් පහත නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.
මිය ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර පැය 24ක් ඇතුළත ආදාහනය කිරීම.
තෝරාගත් හුදකලා භූමිවල මෘත ශරීර භූමදානය කිරීම.
මේ සඳහා ඔඩ්ඩමාවඩි සුසාන භූමිය තෝරාගෙන භූමදාන කටයුතු සිදු කරන ලදී.
(ii), (iii) කොවිඩ්-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා තහවුරු කරන ලද කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 16,817කි. ඉන් 2021.03.05 දින සිට භූමදානය කිරීමෙන් බැහැර කරන ලද මෘත දේහ සංඛ්‍යාව 3,634කි.
(iv) සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින තොරතුරු අනුව ආදාහනයෙන් සහ භූමදානයෙන් බැහැර කරන ලද මෘත දේහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
|
ක්‍රමවේදය |
ස්ත්‍රී |
පුරුෂ |
|
ආදාහනය |
5,136 |
8,047 |
|
භූමදානය |
2,225 |
1,409 |
|
මුළු එකතුව |
7,361 |
9,456 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks