පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
859/2023
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීරණය ගැනීමේදී “ප්‍රවීණයින්ගේ කමිටුවක්” විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය නොමඟ යැවීමකට ලක්කර ඇති බවට 2022/11/29 දින දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය සමඟ එතුමා එකඟ වන්නේද;
(ii) ඉහත සඳහන් කරන ලද කමිටුව රජය මඟින් පත්කරන ලද කමිටුවක්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත කමිටුව රජය මඟින් පත් කරන ලද කමිටුවක් නම් —
(i) එමඟින් කොවිඩ්-19 මරණවල අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන් සිදුකරන ලද නිර්දේශ;
(ii) පත්කිරීම් බලධාරියා;
(iii) යොමු කිරීමේ අනුදේශ සහ/හෝ අධිකාරි බලය;
(iv) සාමාජිකයන්ගේ නම් සහ තනතුරු;
(v) සභාපතිවරයාගේ නම;
(vi) එය අඛණ්ඩව රැස් වන්නේද;
(vii) නොඑසේ නම්, එය අවසන් වරට රැස්වූ දිනය;
(viii) මේ දක්වා පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව;
(ix) රැස්වීම් පවත්වනු ලබන ස්ථානය;
(x) එකී එක් එක් රැස්වීමේ මූලාසනය දරන ලද තැනැත්තන්ගේ නම් වෙන් වෙන් වශයෙන්;
කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-10
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට අදාළ "ප්‍රවීණයන්ගේ කමිටුව" සම්බන්ධව ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා විසින් 2022.11.29 දින ප්‍රකාශයක් සිදු කර නොමැත.
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 2170/8 දරන 2020.04.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් (222 වන අධිකාරය වූ) නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සිදු කරන ලද සංශෝධන අනුව ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් කොවිඩ් 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව - Technical Committee on Management of Dead Bodies in Context of COVID-19 - නමින් කමිටුවක් සෞඛ්‍ය ලේකම්/සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා සියලු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව පත් කරන ලදී.
(ආ) (i) කොවිඩ් 19 වයිරස් ප්‍රභේදයේ ස්වභාවය අනුව ලෝකයේ අනෙකුත් රටවල් ක්‍රියා කරන ලද ආකාරය සලකා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා "කොවිඩ් 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුව" විසින් වරින් වර නිර්දේශ ලබා දීම සිදු කරන ලදී. එහිදී මිය ගිය පුද්ගලයින්ගේ මරණවල අවසන් කටයුතු සිදු කිරීමට අදාළව කමිටුව විසින් පහත නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
• මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර පැය 24ක් ඇතුළත ආදාහනය කිරීම.
• තෝරාගත් හුදකලා භූමිවල මෘත ශරීර භුමදානය කිරීම.
මේ සඳහා ඔඩ්ඩමාවඩි සුසාන භූමිය තෝරාගෙන භූමදාන කටයුතු සිදු කරන ලදී.
(ii) සෞඛ්‍ය ලේකම්
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 2170/8 දරන 2020.04.11 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් (222 වන අධිකාරය වූ) නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සිදු කරන ලද සංශෝධන අනුව, ජනාධිපති කාර්ය සාධන බලකාය.
(iv) කොවිඩ් - 19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයින්, තනතුරු මාරුවීම් මත කිහිප අවස්ථාවකදී සංශෝධන සිදු වී ඇති අතර සාමාජිකත්වය දැරූ නිලධාරින්ගේ නම් හා තනතුරු පහත දැක්වේ.
|
No. |
Name of the Members |
Position |
||||||||||||||||||
|
01 |
Dr. S.H. Munasinghe |
Secretary, Ministry of Health |
||||||||||||||||||
|
02 |
Dr. Anil Jasinghe |
Director General of Health Services |
||||||||||||||||||
|
03 |
Dr. Asela Gunawardena |
Director General of Health Services |
||||||||||||||||||
|
04 |
Dr. Lal Panapitiya |
DDG (MS) I |
||||||||||||||||||
|
05 |
Dr. Channa Perera |
Consultant, JMO |
||||||||||||||||||
|
06 |
Dr. Sriyantha Amararatne |
Consultant, JMO |
||||||||||||||||||
|
07 |
Dr. Ananda Wijewickrama |
Consultant Physician NIID/IDH |
||||||||||||||||||
|
08 |
Dr. Malika Karunarathne |
Consultant Microbiologist NIID/IDH |
||||||||||||||||||
|
09 |
Dr. Rohan Ruwanpura |
Consultant, JMO, TH, Karapitiya |
||||||||||||||||||
|
10 |
Dr. Prabhath Senasinghe |
Consultant, JMO, TH, Peradeniya |
||||||||||||||||||
|
11 |
Dr. Ajith Tennakoon |
Consultant, JMO, Colombo |
||||||||||||||||||
|
12 |
Dr. P.B. Dassanayake |
Consultant, JMO, CSTH, Kalubowila |
||||||||||||||||||
|
13 |
Dr. Shirani Chandrasiri |
President, Sri Lanka College of Microbiologists |
||||||||||||||||||
|
14 |
Dr. Dulimini Kumarasinghe |
Consultant Virologist, MRI |
||||||||||||||||||
|
15 |
Dr. Dhammika Vidanagama |
Consultant Microbiologist, NHSL |
||||||||||||||||||
|
16 |
Dr. Geethika Patambedige |
Consultant Microbiologist, NHSL |
||||||||||||||||||
|
17 |
Prof. Meththika Vithanage |
Professor |
||||||||||||||||||
|
18 |
Prof. Rezvi Sheriff |
Senior Professor of Medicine, KDU |
||||||||||||||||||
|
19 |
Prof. Vajira Dissanayake |
Prof., University of Colombo/Past President - SLMC |
||||||||||||||||||
|
20 |
Prof. Kemal Deen |
Consultant Surgeon |
||||||||||||||||||
|
21 |
Prof. Ravindra Fernando |
Senior Professor in Forensic Medicine |
||||||||||||||||||
|
22 |
Dr. Asela Mendis |
Senior Lecturer, Department of Forensic Medicine |
||||||||||||||||||
|
23 |
Dr. Ruvaiz Haniffa |
Consultant, Community Physician, University of Colombo |
||||||||||||||||||
|
24 |
Dr. Anver Hamdani |
Director (TCS) |
||||||||||||||||||
|
25 |
Dr. Mahendra Arnold |
Director, Epidemiology |
||||||||||||||||||
|
26 |
Dr. Sudath Samaraweera |
Chief Epidemiologist |
||||||||||||||||||
|
27 |
Dr. Hasitha Tissera
|
Consultant Epidemiologist |
(v) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
(vi) එවකට පැවති කාලීන අවශ්‍යතාව හා හදිසිභාවය අනුව වරින් වර රැස් විය.
(vii) 2021 පෙබරවාරි 02
(viii) ආසන්න වශයෙන් රැස්වීම් වාර 10කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත.
(ix) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය
(x) සෞඛ්‍ය ලේකම් සහභාගි වන අවස්ථාවන්වලදී සෞඛ්‍ය ලේකම් විසින්ද, අනෙකුත් අවස්ථාවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්ද රැස්වීමේ මූලාසනය හොබවන ලදී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks