පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
850/2023
ගරු ගාමිණී වලේබොඩ මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට ලැබිය යුතු විදේශ විනිමයෙන් සැළකිය යුතු කොටසක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය නොකර විදේශයන්හි රඳවා තබා ගනු ලබන බව දන්නේද;
(ii) එසේ රඳවා තබා ගනු ලබන විදේශ විනිමය ප්‍රමාණය හඳුනාගැනීම සඳහා පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, එම පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අභ්‍යන්තර විදේශ විනිමය වංචා වැළැක්වීම, ඒවා අනාවරණය කර ගැනීම සහ ඊට අදාළ වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීති කවරේද;
(ii) ඉහත සඳහන් ආකාරයේ විනිමය වංචා වැළැක්වීම සඳහා විදේශ විනිමය පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-11
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) එම ප්‍රකාශය සනාථ කිරීමට අදාළ තොරතුරු/සාක්ෂි ශ්‍රී ලංකා මහ බැංකුව සතුව නොපවතී. 1994 සිට 2016 තෙක් අපනයනකරුවන්ගේ විදේශ විනිමය සියල්ල මෙරටට රැගෙන ඒම අනිවාර්ය බවට නීති රීති නොතිබිණි.
(ii) ඔව්. පියවර ගෙන තිබේ.
(iii) 2016 වසරේ සිට අපනයන ආදායම් නියම කරන ලද කාලපරිච්ඡේදයක් තුළ මෙරටට ගෙන්වීම පිළිබඳව සහතික කර ගැනීමට පහත පියවර ගෙන ඇත.
(ආ) (i) විදේශ විනිමය පනතේ 10 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සිදු කරනු ලැබූ විදේශ විනිමය උල්ලංඝනය කිරීමක් පිළිබඳව විමර්ශනයක් කරගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට බලය ඇති අතර, එම විමර්ශන අතරතුර ශ්‍රී ලංකාවේ එම පුරවැසියා විදේශ විනිමය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවට හෙළිදරව් වුවහොත් විදේශ විනිමය පනතේ 11 වන වගන්තියට අනුව අදාළ පුද්ගලයාට එදිරිව ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.
(ii) අනුගත නොවීම්/ උල්ලංඝනය කිරීම් සඳහා වූ නියාමන ක්‍රියාමාර්ග හා විමර්ශන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රතිපාදන සහිතව විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව, දැනටමත් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනා කර ඇති අතර, එය තවදුරටත් සමාලෝචනය කරමින් පවතී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-07-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks