පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
837/2023
ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින් ගුරු හිඟය පවතින, පානීය ජල පහසුකම්, වැසිකිලි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් පාසලේ නම සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත පාසල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-23
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින් ගුරු හිඟය පවතින, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම් මඟින් දක්වා ඇත.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින් ගුරු හිඟය පවතින පාසල්, ඇමුණුම 01 ලෙස නම් කර පහත පරිදි දක්වා ඇත.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ගුරු පුරප්පාඩු සහිත ජාතික පාසල් සංඛ්‍යාව |
ගුරු පුරප්පාඩු සහිත පළාත් පාසල් සංඛ්‍යාව |
|
කොළඹ |
3 |
195 |
|
තිඹිරිගස්යාය |
18 |
79 |
|
හංවැල්ල |
2 |
44 |
|
හෝමාගම |
2 |
53 |
|
පාදුක්ක |
- |
25 |
|
දෙහිවල |
1 |
72 |
|
කැස්බෑව |
1 |
177 |
|
මොරටුව |
2 |
140 |
|
රත්මලාන |
1 |
89 |
|
කඩුවෙල |
2 |
63 |
|
කොළොන්නාව |
2 |
75 |
|
මහරගම |
1 |
33 |
|
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ |
4 |
64 |
කොළඹ දිස්ත්‍රික්කයේ, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් පාසල් අතරින්, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් නොමැති පාසල් සංඛ්‍යාව, ඇමුණුම 02හි දක්වා ඇත.
(ii) එම එක් එක් පාසලේ නම සහ ලිපිනය වෙන් වෙන් වශයෙන් පහත පරිදි ඇමුණුම් මඟින් දක්වා ඇත.
ඇමුණුම 03 -
(අ) - ගුරු හිඟය පවතින මධ්‍යම රජයට අයත් පාසල්වල නම් සහ ලිපිනයන්.
(ආ) - ගුරු හිඟය පවතින පළාත් පාසල්වල නම් සහ ලිපිනයන්.
ඇමුණුම 04 - පානීය ජල පහසුකම් නොමැති පළාත් හා මධ්‍යම රජයට අයත් පාසල් නොමැත.
ඇමුණුම 05 - වැසිකිළි පහසුකම් නොමැති පළාත් පාසල්වල නම් සහ ලිපිනයන්.
(පානීය ජල පහසුකම් නොමැති මධ්‍යම රජයට අයත් පාසල් නොමැත.)
ඇමුණුම 06 - විද්‍යාගාර පහසුකම් නොමැති පළාත් පාසල්වල නම් සහ ලිපිනයන්.
(පානීය ජල පහසුකම් නොමැති මධ්‍යම රජයට අයත් පාසල් නොමැත.)
ඇමුණුම 07 -
(අ) පුස්තකාල පහසුකම් නොමැති පළාත් පාසල්වල නම් සහ ලිපිනයන්.
(ආ) මධ්‍යම රජයට අයත් පාසල් අතරින් පුස්තකාල පහසුකම් නොමැති පාසල්වල නම් සහ ලිපිනයන්.
ඇමුණුම 08 -
(අ) ක්‍රීඩා පහසුකම් නොමැති පළාත් පාසල්වල නම් සහ ලිපිනයන්.
(ආ) මධ්‍යම රජයට අයත් පාසල් අතරින් ක්‍රීඩා පහසුකම් නොමැති පාසල්වල නම් සහ ලිපිනයන්.
ඇමුණුම 09 - මධ්‍යම රජයට අයත් පාසල්වල පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් පැවතියද එම පහසුකම් ප්‍රමාණවත් නොවන බවට දැනුවත් කරන ලද තොරතුරු අනුව සකස් කළ ලේඛනය.
02 සිට 09 දක්වා ඇමුණුම් සභාගත* කරමි.
(iii) ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග විභාගවලින් බඳවාගැනීමට නියමිත උපාධිධාරි ගුරුවරුන්ගෙන් මෙම ගුරු පුරප්පාඩු පිරවීමට සැලසුම් කර ඇත.
පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, විද්‍යාගාර, පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් පළාත් සභා මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන මත ප්‍රමුඛතා අනුපිළිවෙළින් මෙම පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.
(iv) ඒ සඳහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර, අමාත්‍යාංශය වෙත වාර්ෂිකව වෙන් වන ප්‍රතිපාදන හා ලැබෙන විදේශ අරමුදල් මත ගතවන කාලය තීරණය වනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks