පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
835/2023
ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2016 සිට මේ දක්වා හඳුනාගෙන ඇති, කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම නිවාසවල පදිංචි වී සිටින පවුල් අතරින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතිලාභ හිමි වූ පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉහත සඳහන් අධි අවදානම් නිවාසවල පදිංචි වී සිටින පවුල් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රමාදයක් පවතින බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-06
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරු අනුව:
නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙම ගණයෙහි ලා ගැනෙන නිවාස සංකීර්ණ 2ක් පිළිබඳව වාර්තා වී ඇත. ඒ අනුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් වෑකන්ද මහල් නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 114ක් හා එම ඉඩමේ ඉදිකර ඇති අනවසර නිවාස ඒකක 36ක් හඳුනාගෙන ඇත.
ඊට අමතරව, කොළොන්නාව මජිඩ් පෙදෙසේ කොළොන්නාව නගර සභාව සතු මහල් නිවාස 36ක් හා එම ඉඩමේ ඉදිකර ඇති අනවසර නිවාස 12ක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අධි අවදානම් නිවාස ලෙස හඳුනා ගෙන ඇත.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරු අනුව:
අඩු ආදායම්ලාභී ප්‍රජාව මූලික කර ගනිමින් 2020-2021 වර්ෂවලදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරන ලද සමාජ හා ආර්ථික සමීක්ෂණයෙන් ලද දත්ත මත පදනම්ව අධි අවදානම් නිවාස 5,619ක්ද, අධි අවදානම් නිවාසවල ජීවත්වන පවුල් 5,948ක්ද හඳුනාගෙන ඇත.
ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ලබා ගත් උක්ත තොරතුරු පිළිබඳව නැවත විශ්ලේෂණය කර නැවත පදිංචි කළ යුතුව ඇති පවුල් සංඛ්‍යාව හඳුනා ගත යුතුයි.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරු අනුව:
වෑකන්ද නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි පවුල් 114න් 57ක් සඳහා හේනමුල්ල "රන්මිතු සෙවණ" නිවාස ව්‍යාපෘතියෙන් වර්ග අඩි 450කින් යුත් නිවාස එ්කක 57ක් ලබා දී පදිංචි කර ඇත.
තවද, කොළොන්නාව මජිඩ් පෙදෙස නිවාස සංකීර්ණයේ පදිංචි පවුල් 36න් අවදානම් පවුල් 16ක් මසක් පමණ කාලයකදී හේනමුල්ල රජයේ සේවක නිවාස ව්‍යාපෘතියේ පදිංචි කිරීමට සැලසුම් කර ඇත.
හේනමුල්ල නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු නිම වන ආකාරය අනුව මහල් නිවාසවල පදිංචි ඉතිරි පවුල 20 හා අනෙකුත් නිවාසවල පදිංචි පවුල් 12 පදිංචි කිරීමට කටයුතු සිදු කෙරෙනු ඇත.
(iii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දුන් තොරතුරු අනුව:
වෑකන්ද නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පවුල් 114න් තවදුරටත් නැවත පදිංචි කළ යුතුව ඇති පවුල් 57 හේනමුල්ල නිවාස සංකීර්ණයේ නිවාස ලබා ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් පුනස්ථාපන කටයුතු අවසන් කිරීමට නොහැකිව ඇත.
කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර ඇති පරිදි වෑකන්ද නිවාස සංකීර්ණයේ පවතින අවදානම සලකා කොළඹ ප්‍රාදේශීය ලේකම් විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් විමසා ඇත. එබැවින් පුනස්ථාපන කටයුතු ප්‍රමාද වුවද පවතින අවදානම සලකා ඉක්මන් ක්‍රියාමාර්ගයකට නාගරික සංවර්ධන අධිකාරිය යොමු වීමට නියමිතය.
(ආ) ඉහත අංක (අ) i සිට iii දක්වා පිළිතුරු ලබා දී ඇත.
පිළිතුරු දුන් දිනය
2023-04-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks