01

E   |     |  

 දිනය: 2023-11-20   පිළිතුර ලබා දී ඇත 

0820/2023: Details of Women population

820/2023

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      පවුල් ඒකකයේ හා සිය දරුවන්ගේ සුරක්ෂිතභාවය සඳහා කාන්තාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන බව දන්නේද;

            (ii)      ශ්‍රී ලංකාවේ මුළු කාන්තා ජනගහණය කොපමණද;

(iii) ඒ අතරින් පාසල් යන වයසේ කාන්තා ජනගහණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ මුළු පවුල් ඒකක අතරින් පියා හෝ මව නොමැති පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද; ‍

(ii) එම පවුල් ඒකකවල සිටින දරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේද;

(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්නත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකාවේ ළමා මව්වරුන් සංඛ්‍යාව කොපමණද; ‍

(ii) ළමා මව්වරුන් ඇතිවීමට බලපා ඇති සමාජ හා ආර්ථික සාධක කවරේද;

(iii) මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න තවදුරටත් එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-11-20

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks