පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
819/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ස්වාමියා මිය යාම/අතහැර යාම හා වෙනත් හේතූන් මත ශ්‍රී ලංකාවේ සැළකිය යුතු කාන්තාවන් පිරිසක් සිය පවුල් ඒකකයේ ගෘහමූලිකයා බවට පත් වී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, සිය පවුල් ඒකකයේ ගෘහමූලිකයා ලෙස කටයුතු කරනු ලබන කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම කාන්තාවන්ට සහන සැලසීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(iv) ස්වාමියා මියයෑම / අතහැර යෑම හා වෙනත් හේතූන් මත අසරණ තත්ත්වයකට පත් වී ඇති පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මියයාම/අතහැර යාම හා වෙනත් හේතූන් මත සිය භාර්යාව නොමැතිව ස්වාමියා විසින් දරුවන් රැකබලා ගනු ලබන පවුල් ඒකක සංඛ්‍යාව කොපමණද;
(ii) එම පවුල් ඒකකවලට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-22
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්. මම දන්නවා. මම පමණක් නොවෙයි, ඕනෑම කෙනෙක් දන්නවා, automatically එම කාන්තාව ගෘහමූලික වෙන බව.
(ii) මෙම අමාත්‍යාංශය මඟින් මෙවැනි සංගණනයක් සිදු කර නොමැති අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ලබා ගත් තොරතුරුවලට අනුව එකී කාන්තාවන් සංඛ්‍යාව 1,638,049දෙනෙක් බව දැනුම් දීමට කැමැතියි. (Labour Force Sample Survey-2022)
(iii) අනිවාර්යයෙන්ම, ඔව්.
ග්‍රාමීය මට්ටමේ අඩු ආදායම්ලාභී කාන්තාවන්‍ට, වැන්දඹු කාන්තාවන්ට වාගේම සැමියා හැරගිය කාන්තාවන්ට වන්දි ලබා ගැනීමට අවශ්‍ය නීති ආධාර, නීති උපදෙස් ලබා දීමට සියලු කටයුතු සිදු කර තිබෙනවා. වැන්දඹු කාන්තාවන් ඇතුළු අනෙක් කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑම සඳහා ණය මුදල් ලබා දෙමින් ඔවුන් දිරිමත් කරනවා. ඒ වාගේම ස්වාමියා අභාවයට පත් වුණාම, එම කාන්තාවන් වැටෙන මානසික තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා විශේෂ ආධාර උපකාර ලබා දෙමින් එම කාන්තාවන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට, ස්වයං රැකියා ව්‍යාපාර දියුණු කර ගැනීමට කටයුතු සූදානම් කර තිබෙනවා, එම කටයුතු කරමින් පවතිනවා.
එම පවුල් ඒකක සියල්ලම සහන අවශ්‍ය පවුල් නොවන අතර, ස්වාමියා මිය යෑම/අතහැර යෑම හා වෙනත් හේතු මත අසරණ තත්ත්වයට පත්ව ගෘහමූලිකයා ලෙස කාන්තාවන් ක්‍රියා කරන බවට හඳුනාගනු ලබන පවුල් ඒකක වෙත පහත දක්වන වැඩසටහන් මෙම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.
දැනට එහි ප්‍රතිලාභි පුද්ගලයන් සංඛ්‍යාව 4,959ක් වෙනවා.
(iv) ස්වාමියා මිය ගිය, අතහැර ගිය පවුල් ඒකකවලට අදාළ සංඛ්‍යාලේඛන ලබා ගැනීමක් -සංගණනයක්- අමාත්‍යාංශය මඟින් කරලා නැහැ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවා මේ සඳහා නිශ්චිතව පිළිතුරක් ලබා දීමට අපොහොසත් වී තිබෙනවා කියා මා හිතනවා. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට මම විශ්වාස කරනවා, ඉතා ඉක්මනින් එම සංඛ්‍යා දත්ත ලබා දෙන්නට කටයුතු කරන්න ඕනෑ කියලා. ඒ සඳහා සංගණනයක් කළ යුතුයි. අපි දැන ගත යුතුයි, එවැනි කාන්තාවන්, පවුල් ඒකක කොපමණ ප්‍රමාණයක් ඉන්නවාද කියලා. එම සංඛ්‍යා ඉදිරිපත් කරන්න නොහැකි වීම ගැන මම පෞද්ගලිකව කනගාටු වෙනවා. නමුත්, ඉදිරියේදී එය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
දැනට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සතු දත්ත අනුව එම සංඛ්‍යාව 1,638,049කි.
(ආ) (i) එවැනි සමීක්ෂණ මෙම අමාත්‍යාංශය මඟින් සිදු කර නොමැත. මේ සම්බන්ධව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙතින් විමසීමක් කරන ලද අතර, ඒ සඳහා නිශ්චිත පිළිතුරක් අප වෙත ලබා දී නැත.
(ii) මෙයට අදාළ පිළිතුරත් මුලින්ම අහපු ප්‍රශ්නයට දුන් පිළිතුර හා සමානයි. වැන්දඹු සහ ස්වාමියා හැර ගිය කාන්තාවන්ට ණය දීම, නීති ආධාර ලබා දීම, වන්දි ලබා දීම වැනි අප කරගෙන යන සියලු කටයුතු ඇතුළත් වන්නේ මෙයටයි.
අපයෝජනයට ලක් වන දරුවන් සහ කාන්තාවන් උසාවිවලට යොමු කිරීමට පහසුකම් සැලසීම පමණක් නොව, පවතින නීතිය වෙනස් කරලා ඔවුන්ට විශාල වන්දියක් ලබා දීම සඳහා වන නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමේ කටයුතු ද ළඟදීම පටන් ගන්න අපි සූදානම්ව සිටිනවා. අපකීර්තිය ලබමින්, අපහාස විඳිමින් ජීවිතයෙන් වන්දි ගෙවන කාන්තාවට වහාම වන්දියක් ලබා දෙන්න ඕනෑ. වැරදිකරුවන් සිරගත කිරීම හෝ ඔවුන්ට දඬුවම් ලබා දීම පමණක් නොව, එම කාන්තාව වෙනුවෙන් වන්දියක් ලබා දීමට ද අපි කටයුතු කරගෙන යනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ පිළිබඳව අවුරුද්දෙන් අවුරුද්දට අදාළ දීර්ඝ විස්තරයක් තිබෙනවා.
අවසාන වශයෙන්, දරුවන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමෙන් අපි කරගෙන යනවා. විශේෂයෙන්ම දරුවන්ට උදෑසන ආහාර වේල ලබා දෙමින් ඔවුන්ගේ පෝෂණ ඌනතාව මඟ හරවන්නත් කටයුතු කරනවා.
ඉහත (i) යටතේ දක්වා ඇති පවුල් ඒකක සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ විෂය පථය යටතේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවන අතර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදන සීමා තුළ ස්වාමියා මිය යෑම, අතහැර යෑම, වෙනත් හේතු මත කාන්තාව මූලික වූ පවුල් සඳහා ලබාදෙන අතර මව අහිමි, පියා අහිමි, මව පියා දෙදෙනාම අහිමි දරුවන් සඳහා රැකවරණ සැලසුම් සකස් කර සහන සලසනු ලැබේ.
එහිදී බරපතල අවදානමට ලක් විය හැකි දරුවන් හඳුනා ගෙන ඔවුන් වෙනුවෙන් රැකවරණ සැලසුම් සකස් කර බහුපාර්ශ්වීය මැදිහත්වීම් මත දරුවන්ගේ අවදානම අවම කිරීමට අවශ්‍ය කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්/ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් විසින් සිදු කෙරේ. එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය දායකත්වයක් අවශ්‍ය වේ නම් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් පවතින ප්‍රතිපාදන සීමාව සැලකිල්ලට ගනිමින් මූල්‍ය දායකත්වයක් ලබා දේ. ඒ අනුව පියා නොමැති පවුල්වල දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අවශ්‍ය රැකවරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ වර්ෂවල පහත පරිදි පවුල් සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කර ඇත.
|
වර්ෂය |
පවුල් ගණන |
|
2023 |
25 (මේ දක්වා) |
|
2022 |
15 |
|
2021 |
17 |
|
2020 |
31 |
දරුවන්ගේ පැවැත්ම හා සංවර්ධන අයිතිය තහවුරු කිරීමට ආධාර වැඩසටහන් කිහිපයක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, කැපකරු දෙගුරු, සෙවණ සරණ වැනි ආධාර වැඩසටහන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට ද, වෛද්‍ය, පෝෂණ, හදිසි ආධාර දරුවන්ගේ පැවැත්ම සහතික කරනු පිණිස ලබා දේ.
තවද පවුල් තුළ දරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් සිදු කරන අතර, එහිදී විශේෂයෙන්ම දරුවන්ගේ මනෝ සමාජයීය යහ පැවැත්ම පිළිබඳ දෙමව්පියන්ගේ වගකීම හා දරුවන් විෂයයෙහි හැසිරීම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks