පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
817/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන සංඛ්‍යාව හා පොලිස් අධිකාරි කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;
(ii) ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරනු ලබන පොලිස් නිලධාරින් සංඛ්‍යාව;
(iii) එම සංඛ්‍යාව, පොලිස්පති සිට පොලිස් කොස්තාපල් රියදුරු දක්වා එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන්;
(iv) ඉහත එක් එක් තනතුර දරන කාන්තා නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ප්‍රභූ ආරක්ෂක සේවයේ යොදවා ඇති මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත (ii)හි සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන වෙනත් ප්‍රභූවරුන් කාණ්ඩ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-07
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) පොලිස් ස්ථාන - 607
පොලිස් අධිකාරි කාර්යාල - 45
(ii) 86,537 (විශේෂ කාර්ය බලකාය හා සහායක සේවා ඇතුළුව)
(iii) පිළිතුර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iv)
|
අනු අංකය |
තනතුර |
A සාමාන්‍ය සේවය |
B වි.කා.බ |
C සහායක සේවය |
D |
|
A+B+C = D |
|||||
|
එකතුව |
|||||
|
1 |
කාන්තා නියෝජ්‍ය පොලිස්පති |
4 |
- |
- |
4 |
|
2 |
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි |
5 |
- |
0 |
5 |
|
3 |
කාන්තා පොලිස් අධිකාරි |
1 |
0 |
1 |
2 |
|
4 |
කාන්තා සහකාර පොලිස් අධිකාරි |
11 |
1 |
- |
12 |
|
5 |
කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක |
147 |
5 |
23 |
175 |
|
6 |
කාන්තා පොලිස් පරීක්ෂක |
262 |
0 |
22 |
284 |
|
7 |
කාන්තා උප පොලිස් පරීක්ෂක |
1,056 |
12 |
44 |
1,112 |
|
8 |
කාන්තා පොලිස් සැරයන් |
2,531 |
27 |
123 |
2,681 |
|
9 |
කාන්තා පොලිස් කොස්තාපල් |
5,721 |
78 |
11 |
5,810 |
|
එකතුව |
9,738 |
123 |
224 |
10,085 |
|
|
ඉහත සාමාන්‍ය සේවයේ කා.නි.පො.ප. තනතුරේ අනුයුක්ත නිලධාරිනියන් 04දෙනාම එම තනතුරේ රාජකාරි ඉටු කිරීමට පත් කළ නිලධාරිනියන් වේ. |
|||||
(ආ) (i) 7,693
(ii) ගරු අමාත්‍යවරුන්ගේ - 563
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ - 1,891
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ප්‍රභූවරුන්ගේ - 2,176
(iii)
|
අනු අංකය |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන කාණ්ඩ |
|
1 |
විශ්‍රාමික ජනාධිපතිවරුන් |
|
2 |
හිටපු අමාත්‍යවරුන් / පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් |
|
3 |
හිටපු මහ ඇමති / පළාත් සභා මන්ත්‍රීවරුන් |
|
4 |
ආණ්ඩුකාරවරුන් |
|
5 |
නගරාධිපතිවරුන් |
|
6 |
දිසාපතිවරුන් |
|
7 |
ආගමික නායකයින් |
|
8 |
විනිසුරුවරුන් |
|
9 |
දියවඩන නිළමේ |
|
10 |
ප්‍රධාන පළාත් ලේකම් |
|
11 |
හිටපු ආරක්ෂක ලේකම් |
|
අනු අංකය |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන කාණ්ඩ |
|
12 |
කොමිෂන් සභා සාමාජිකයන් (පොලිස් / මැතිවරණ) |
|
13 |
හිටපු මහ බැංකු අධිපති |
|
14 |
තානාපතිවරුන් |
|
15 |
විවිධ රටවල කොමසාරිස්වරුන් |
|
16 |
විශ්‍රාමික පොලිස් නිලධරයන් |
|
17 |
සේවයේ නියුතු පොලිස් නිලධරයන් (අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත අනුව ආරක්ෂාව ලබා දී ඇති) |
|
මෙයට අමතරව ආරක්ෂක රාජකාරියෙහි යොදවා ඇති කාණ්ඩ |
|
|
1 |
ආගමික ස්ථාන |
|
2 |
අධිකරණ සංකීර්ණ |
|
3 |
වෙනත් මර්මස්ථාන (වෙඩි බෙහෙත් ගබඩා, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, ජලාශ, කුරුළු උයන්, රෝහල්, ගුවන් තොටුපොළ, ධීවර වරායන්, ජනාධිපති මන්දිරය, උමාඔය ව්‍යාපෘතිය, විවිධ රාජ්‍ය ආයතන, තානාපති කාර්යාල, ආර්ථික මධ්‍යස්ථාන, වින්දිත නිවාස, බන්ධනාගාර මුරපොළ, විදුලි උපපොළ) |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටිරාන් අලස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks