පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
814/2023
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව දෛනිකව හා වාර්ෂිකව;
(ii) මේ වනවිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව, දෛනිකව, මාසිකව හා වාර්ෂිකව;
(iii) මේ වනවිට ශ්‍රී ලංකාවේ බිත්තර හිඟයක් පවතින්නේ නම්, එම හිඟය දෛනිකව හා මාසිකව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින කුඩා, මධ්‍යම හා මහා පරිමාණයේ නිෂ්පාදකයන් සංඛ්‍යාව;
(ii) දෛනිකව බිත්තර 1000කට වැඩි, 10,000කට වැඩි හා 100,000කට වැඩි යන එක් එක් කාණ්ඩය යටතේ බිත්තර නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන් සංඛ්‍යාව;
(iii) ඉහත (i)හි සඳහන් එක් එක් කාණ්ඩය යටතේ දිනකට නිෂ්පාදනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) බිත්තරයක් ආනයනය කිරීම සඳහා වැය වන මුදල කොපමණද;
(ii) පාරිභෝගිකයන් සඳහා එම ආනයනික බිත්තරයක් ලබා දිය හැකි මිල කොපමණද;
(iii) බිත්තර ඇතුළු ඇතැම් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කූට ව්‍යාපාරිකයන් විසින් ඉහළ මිලකට විකුණන බව පිළිගන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව දෛනිකව මිලියන 8.15ක් වන අතර, වාර්ෂිකව මිලියන 2,975ක් වේ.
(ii) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඇස්තමේන්තු කරන ලද, මේ වන විට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.8ක් වන අතර, මාසිකව මිලියන 174ක් සහ වාර්ෂිකව මිලියන 2,088ක් වේ.
(iii) ඉහත දත්ත අනුව දැනට ශ්‍රී ලංකාවේ බිත්තර හිඟයක් පවතී. එය දෛනිකව මිලියන 2.5- 3ක් සහ මාසිකව මිලියන 90ක් ලෙස ගණන් බලා ඇත.
(ආ) (i) බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් සංඛ්‍යාව 13,837ක් වේ. ඒ වාගේම මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 1,964ක් සහ මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 341කි.
(ii) දෛනිකව 5,000කට වැඩි බිත්තර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සංඛ්‍යාව 500ක් පමණ වන අතර, 10,000කට වැඩි බිත්තර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් සංඛ්‍යාව 195ක් පමණ සහ 100,000කට වැඩි බිත්තර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සංඛ්‍යාව 4ක් පමණ වේ.
(iii) දිනකට නිෂ්පාදනය කරන බිත්තර සංඛ්‍යාව සඳහා දත්ත ලබා ගැනීමට ගොවිපොළ කිකිළියන් දමන බිත්තර වෙන වෙනම ලබා ගත යුතු හෙයින් මේ සඳහා ප්‍රමාණවත් දත්ත නොමැති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
(ඇ) (i) මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කර ඇති අතර, එම ආයතනය විසින් 2023.07.31 දින වන විට බිත්තර බිලියන 53.08ක් ආනයනය සඳහා රුපියල් බිලියන1.6ක් වැය වී ඇති බව දන්වා ඇත.
(ii) ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් රුපියල් 35ක උපරිම සිල්ලර මිලට බිත්තර ලබා දිය හැකි බව දන්වා ඇත.
(iii) විශේෂයෙන් මෙම රජය බලයට පත් වූ දා සිට රටේ ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණ ඇතුව විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දේශීය වෙළෙඳ පොළේ ස්ථායී කිරීමට අවස්ථානුකූලව සහතික මිලක් නියම කිරීමට කටයුතු කර ඇත.
වෙළෙඳ පොළ මිල උච්චාවචනය වීම කෙරෙහි නිරන්තරයෙන් අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙම විස්තර මා විසින් අමාත්‍යාංශ නිවේදන යටතේ මෙම ගරු සභාව වෙත අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබෙනවා.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks