පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2101/’11
ගරු රෝසි සේනානායක මහත්මිය,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට පළමු සිසුන් කණ්ඩායම බඳවා ගනු ලැබූ දිනය කවරේද;
(ii) එම ශිෂ්‍ය කණ්ඩායම තම උපාධිය අවසන් කළ යුතු දිනය කවදාද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එම වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ට අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකය පිහිටුවනු ලැබ තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) මහාචාර්ය සායනික පුහුණුව එම සිසුන්ට ලබාදීමට නියමිත පළමු දිනය කවරේද;
(iv) එම මහාචාර්ය සායනික පුහුණුවට අවශ්‍ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන්කර තිබේද;
(v) එසේ නම්, එය අවසන් කළ දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මහාචාර්ය සායනික ඒකකය සඳහා අවශ්‍ය වන හෙදියන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඒකකය සඳහා අනුමතිය ලබා දී ඇති හෙදියන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-04
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks