පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2100/’11
ගරු රෝසි සේනානායක මහත්මිය,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 වර්ෂයේදී ආනයනය කරන ලද ඖෂධ හා ශල්‍ය උපකරණ සඳහා වරායට ගෙවූ ප්‍රමාදගාස්තු ප්‍රමාණය හා ගෙවූ පාර්ශ්වය කවරේද;
(ii) 2006, 2007, 2008 සහ 2010 වර්ෂයන්හිදී ඉහත ආනයනයන්ට අදාළව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙවූ ප්‍රමාදගාස්තු වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2008 වර්ෂයේදී හඳුනාගත් හානිවූ, කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල ඖෂධවල වටිනාකම කොපමණද;
(ii) එම බාල ඖෂධ සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට ඇති මුදල කොපමණද;
(iii) එම මුදල අය කර නොගැනීමට හේතු කවරේද;
(iv) 2008 වර්ෂයේදී මිලදී ගත් ඖෂධ තත්ත්වයෙන් බාල බවට අනාවරණය වුවද ටෙන්ඩර් මණ්ඩලය නැවත මිලදී ගැනීමේදී එය නොසලකා හැරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඖෂධ සංස්ථාව විසින් සෆියුරොක්ෂිම් සෝඩියම් (Cefuroxime Sodium) මිලිග්‍රෑම් 750 එන්නත් 2,50,000 ක් මිලදී ගැනීමේදී සහ වර්ෂ 2009 දී රසායනාගාර පරීක්ෂාවකින් තොරව වෙළුම්පටි මිලදී ගැනීමේදීත්, නියමිත බර නොමැති ඇමොක්සිලින් ප්‍රතිජීවක මිලිග්‍රෑම් 250 කරල් ඒකක 6783ක් මිලදී ගැනීමේදීත් දැරීමට සිදුවූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-03
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks