04

E   |     |  

 දිනය: 2023-05-25   පිළිතුර ලබා දී ඇත 

0690/2023: මඩකලපුව, තුරෙයිනීලාවනෙයි රෝහලේ පහසුකම්: විස්තර

690/2023

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)    (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තුරෙයිනීලාවනෙයි ප්‍රදේශයේ ඇති ග්‍රාමීය රෝහල මේ වනවිට ප්‍රාදේශීය රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කර ඇති             බවත්;

(ii) ඉහත රෝහල සඳහා වෛද්‍යවරුන් දෙදෙනෙකු පත් කළ යුතු වුවත් මේ වනවිට පත් කර ඇත්තේ  එක් වෛද්‍යවරයෙකු පමණක් බවත්;

(iii) එම වෛද්‍යවරයාට වෙනත් රෝහලකද රාජකාරී ආවරණය කිරීමට සිදු වී ඇති බැවින් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත් වී ඇති බවත්;

(iv) මුල් කාලයේ දී ඉහත රෝහලේ ගිලන් රථයක් පැවතියද මේ වනවිට ගිලන්රථයක් නොමැති බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත රෝහල සඳහා මේ දක්වා ස්ථිර වෛද්‍යවරයෙක් පත් නොකිරීමට හේතු කවරේද;

(ii) එම රෝහල සඳහා ගිලන් රථයක් ලබා නොදීමට හේතු කවරේද;

(iii) ඉහත රෝහල සඳහා ස්ථිර වෛද්‍යවරයෙක් පත් කිරීමට සහ ගිලන් රථයක් ලබා දීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-25

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උත්ශ්‍රේණිගත කර ඇත.

              (ii)        අනුමත වෛද්‍ය නිලධාරි තනතුරු සංඛ්‍යාව 02ක් වන අතර වෛද්‍ය නිලධාරින් දෙදෙනෙකු සේවයේ යෙදී සිටී.

             (iii)        නොමැත.

            (iv)         2002 වර්ෂයේ තුරෙයිනීලාවනෙයි රෝහලෙහි සේවයේ යෙදී සිටි ගිලන් රථ රියදුරා විශ්‍රාම යෑමත් සමඟ ගිලන් රථ අවශ්‍යතාව ආවරණය කිරීම සඳහා කි.මී. 05ක් පමණ ආසන්න දුරකින් පිහිටි පෙරියකල්ලර් රෝහලේ ගිලන් රථය සහ රියැදුරු යොදාගෙන ඇති බැවින් තුරෙයිනීලාවනෙයි රෝහලේ ගිලන් රථය නැවත භාර දී ඇත.

(ආ) (i) පැන නොනඟී.

      (ii) මඩකලපුව දිස්ත්‍රික්කයේ මේ වන විට සෞඛ්‍ය රියැදුරු පුරප්පාඩු 20ක් පවතින අතර ඉදිරි  බඳවා ගැනීම් සිදු කිරීමේදී තුරෙයිනීලාවනෙයි රෝහලට ද ගිලන් රථ රියැදුරෙකු ලබාදීමට හැකියාවක් ඇත. ඒ අනුව නැවත ගිලන් රථයක් රෝගී සත්කාර සේවා වෙනුවෙන් යෙදවීමේ හැකියාව පවතී.

     (iii) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී. 

පිළිතුරු දුන් දිනය

2023-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks