01

E   |     |  

 දිනය: 2023-05-11   පිළිතුර ලබා දී ඇත 

0689/2023: මඩකලපුව,කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල: අඩුපාඩු

689/2023

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා ස්ථිර වෛද්‍යවරයෙක් පත්කර නොමැති බවත්;

            (ii)       ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත් වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ඉහත රෝහල සඳහා ස්ථිර වෛද්‍යවරයෙක් මේ දක්වා පත් නොකිරීමට හේතු කවරේද;

(ii) එම රෝහල සඳහා ඖෂධවේදියෙකු පත් නොකිරීමට හේතු කවරේද;

(iii) ඉහත රෝහලේ මේ වනවිට පවතින පුරප්පාඩු පුරවනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ආරම්භ කරන ලද අවස්ථාවේ සිට මේ දක්වා ඉහත රෝහලේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැති බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඊට හේතු කවරේද;

(iii) ඉහත රෝහල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඈ) නොඑසේනම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-11

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      2022.10.27 දිනැති පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරී පත්වීම් යටතේ නවක වෛද්‍ය නිලධාරියෙකු කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල වෙත අනුයුක්ත කොට මේ වන විට රාජකාරි සඳහා වාර්තා කර                ඇත.

              (ii)      පැන නොනඟී.

(ආ)          (i)      පැන නොනඟී.

              (ii)      කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා ඖෂධවේදී තනතුරක් අනුමත වී නොමැත.

(iii) පැන නොනඟී.

(ඇ) (i) නැත.

2022 වර්ෂයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ වැඩසටහන (PSSP) යටතේ රුපියල් මිලියන 4.8ක ප්‍රතිපාදන සහිතව කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහලේ පහත ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇත.

  • බාහිර රෝගී අංශය සහ සායනික පහසුකම් පුළුල් කිරීම.
  • ඖෂධ ගබඩාව ප්‍රතිසංස්කරණය කිරීම.

(ii) පැන නොනඟී.

(iii) කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහලේ මේ වන විටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් සපයන රෝහලක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය පහසුකම් පවතී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks