01

E   |     |  

 දිනය: 2023-04-27   පිළිතුර ලබා දී ඇත 

0688/2023: පළුකාමම් ප්‍රාදේශීය රෝහල: උත්ශ්‍රේණිගත කිරීම

688/2023

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පළුකාමම් ප්‍රාදේශීය රෝහල මේ දක්වා උත්ශ්‍රේණිගත කර ඇත්තේ DH - C ශ්‍රේණිය දක්වා පමණක් බව දන්නේද;

             (ii)       එසේ නම්, එම රෝහල DH -B හෝ A ශ්‍රේණියට උත්ශ්‍රේණිගත කිරීම සඳහා පියවර ගන්නේද;

(iii) එම රෝහල DH -B හෝ A ශ්‍රේණියට උත්ශ්‍රේණිගත කරනු ලබන  දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත රෝහලේ ප්‍රසව ඒකකය සඳහා අවශ්‍ය උපකරණ
(CTG  machine, warmer) නොමැතිවීම හේතුවෙන් ගර්භනී කාන්තාවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්;

(ii) හදිසි ප්‍රතිකාර අංශය සඳහා අවශ්‍ය උපකරණ කිසිවක් රෝහලේ නොමැති බවත්,

එතුමා දන්නෙහිද?

(ඇ) (i) එසේ නම්, ඉහත රෝහල සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම උපකරණ ලබා දෙනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-27

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      2009 වර්ෂයේ සිට පළුකාමම් ප්‍රාදේශීය රෝහල C ශ්‍රේණියේ ප්‍රාදේශීය රෝහලක් ලෙස ශ්‍රේණිගතකොට ඇත.

              (ii)      විශේෂ සේවා අවශ්‍යතාවක් නොමැති බැවින් ඉහළ ශ්‍රේණියකට උත්ශ්‍රේණිගතකොට නොමැත.

              (iii)      පැන නොනඟී.

(ආ)          (i)      පළුකාමම් ප්‍රාදේශීය රෝහලේ ප්‍රසව ඒකකය සඳහා අවශ්‍ය මූලික උපකරණ එම රෝහලේ දැනටමත් පවතී.

              (ii)      මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා අවශ්‍ය කරනු ලබන සියලුම මූලික උපකරණ ද දැනටමත් පවතී.

(ඇ) (i) පැන නොනඟී.

(ii) පැන නොනඟී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-04-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks