පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2090/’11
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අප රටේ ඉස්ලාම් ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරීම උදෙසා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;
(ii) එම කටයුතු වෙනුවෙන් වර්ෂ 2005-2010 අතර කාලය තුළ වැය කරන ලද මුදල් ප්‍රමාණයන් වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඒ සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් වූයේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-17
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) ඉස්ලාම් ආගමික පූජනීය සිද්ධස්ථානවල භාරකාර මණ්ඩල විසින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ ඒවායේ පාලනය පවත්වා ගෙන යනු ලැබේ.
ඒ අනුව සිද්ධස්ථානවල නඩත්තුව, අලුත්වැඩියාව, සංවර්ධනය සහ ආගමික කටයුතු එම භාරකාර මණ්ඩලය විසින් සිදු කරයි. ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින්,
1. වාර්ෂිකව තෝරා ගත් පල්ලිවල සංවර්ධන වැඩ සඳහා ප්‍රතිපාදන ලබා දීම.
2. වකුෆ් පනතේ විධිවිධාන මගින් ස්ථාපිත වකුෆ් සභාව සහ වකුෆ් විනිශ්චය සභාව පවත්වා ගෙන යාම,
3. පල්ලි භාරකාර මණ්ඩල තෝරා පත් කර ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම.
4. පල්ලි පරිපාලනයට අදාළ ගැටලුවලට විසදුම් ලබා දීමට කටයුතු කිරීම සහ විසඳිය නොහැකි ගැටලු වකුෆ් සභාව සහ වකුෆ් විනිශ්චය සභාව වෙත යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කිරීම ආදී කාර්යයන් ඉටු කරනු ලබයි.
(ii)
|
වර්ෂය |
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
|
වැය කරන ලද මුදල් ප්‍රමාණය (රුපියල් මිලියන ) |
1.81 |
31.4 |
24.35 |
15.62 |
14 |
15 |
(iii) ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks