04

E   |     |  

 දිනය: 2012-04-17   පිළිතුර ලබා දී ඇත 

2089/2012: හින්දු ආගමික සිද්ධස්ථාන සුරක්ෂා කිරීම : වැය කළ මුදල්

2089/’11

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

  (අ)       (i)       අප රටේ හින්දු ආගමික පූජනීය සිද්ධස්ථාන සුරක්ෂා කිරීම උදෙසා රජය විසින් ගෙන ඇති පියවර කවරේද;

            (ii)       එම කටයුතු වෙනුවෙන් වර්ෂ 2005-2010 අතර කාලය තුළ වැය කරන ලද මුදල් ප්‍රමාණයන් වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  ඒ සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් වූයේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-17

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)

ගරු කථානායකතුමනි, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)      හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් හින්දු කෝවිල් ලියා පදිංචි කරනු ලැබේ. මේ දක්වා රට පුරා කෝවිල් 5,600ක් ලියා පදිංචි කර ඇත. මෙම දෙපාර්තමේන්තුව ලියා පදිංචි කර ඇති කෝවිල් ප්‍රතිසංස්කරණය සඳහා කරනු ලබන ඉල්ලීම් මත කෝවිල්වලට රජයේ ආධාර ලබා දෙනු ලැබේ.

(ii) විස්තර ඇමුණුමෙහි සඳහන්ව තිබේ.

(iii) ප්‍රමාණවත් වේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks