01

E   |     |  

 දිනය: 2023-12-12   පිළිතුර ලබා දී ඇත 

0439/2023: Tender details of foolproof Sticker

439/2023

ගරු බුද්ධික පතිරණ මහතා,—  මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ආනයනික මත්වතුර ඇසුරුම්වල අලවන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය සඳහා ඉදිරිපත්වූ සමාගම්/ආයතන කවරේද;

              (ii)       එම එක් එක් සමාගම/ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත ටෙන්ඩරය ලද මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් ආයතනය ඉදිරිපත් කළ ටෙන්ඩර්  පිටපත ඉදිරිපත් කරන්නේද;

(iv) එම ආයතනයට ටෙන්ඩරය ප්‍රදානය කිරීම අනුමත කළ පුද්ගලයන් කවුරුන්ද;

(v) අනෙකුත් ආයතනවලට සාපේක්ෂව ඉහත ආයතනයට තිබූ  සුදුසුකම් කවරේද;

(vi) එම ආයතනය තෝරා ගැනීමට අදාළ වාර්තාව ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී ඉහත ආයතනයට ISO  9001/14298/27001 සහතිකය හා IHMA සාමාජිකත්වය ලද බවට ලිපි තිබුණේද;

(ii) එසේ නම්, ඒවායේ පිටපත් ඉදිරිපත් කරන්නේද;

(iii) ඉහත ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ ආයතන, ජාත්‍යන්තර අසාදු ලේඛනගත ආයතන නොවන බවට තහවුරු කර ගැනීමට ක්‍රමවේදයක් තිබුනේද; ‍‍

(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(v) ඉහත ආයතනයේ  දේශීය නියෝජිතයා කවුරුන්ද;

(vi) ස්ටිකර් සැපයීම සහ ආරක්ෂක ඩිජිටල් කේතයන් සැපයීම උදෙසා ඉහත ආයතනය අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-12

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks