01

E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

0433/2023: Censorship details of "Kobeiyane Warella" song

433/2023

ගරු බුද්ධික පතිරණ මහතා,—  ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ප්‍රේමා දාබරේ මහත්මිය විසින් රචනා කරන ලද සහ වීරසේන ගුණතිලක මහතා විසින් ගායනා කරන ලද “කොබෙයියනේ වරෙල්ලා” ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය කිරීම වාරණය කර තිබේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) එම වාරණය පැනවීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද;

(iv) එසේ නම්, එම පරීක්ෂණය සිදු කරන ලද්දේ කවුරුන් විසින්ද;

(v) ඉහත ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකාවක අවසන්වරට ප්‍රචාරය කරන ලද දිනය හා වේලාව කවරේද;

(vi) ඉදිරියේදී එම වාරණය ඉවත් කිරීමට කටයුතු  කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks