01

E   |     |  

 දිනය: 2023-12-11   පිළිතුර ලබා දී ඇත 

0425/2023: පොල් මද ආශ්‍රිත නිෂ්පාදන : විස්තර

425/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,—  කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව උපයනු ලබන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

                  (ii)     පොල් මද ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන ලියාපදිංචි කර්මාන්තකරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) නීත්‍යානුකූල නොවන අයුරින් පොල් මද සකස් කර නීත්‍යානුකූල ආයතන වෙත සපයනු ලබන කර්මාන්තකරුවන් සිටින බව පිළිගන්නේද;

(iv) ගුණාත්මක භාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රී ලංකා‍වේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සන්නාමයට හානියක් සිදු වන බව පිළිගන්නේද;

(v) ගුණාත්මක භාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-12-11

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)

වර්ෂය

රුපියල් මිලියන

ඇමෙරිකානු ඩොලර් මිලියන

2021

86,437

434

2022

131,073

408

2023 ජනවාරි - සැප්තැම්බර්

86,801

266

 

(ii)

වර්ෂය

නිෂ්පාදන සිදු කරනු ලබන  ලියාපදිංචි  කර්මාන්තකරුවන් සංඛ්‍යාව

2021

308

2022

310

2023

318

 

(iii) ඔව්.

 

 

 

(iv) ඔව්.

මූලික වශයෙන් නැවත අපනයනය කිරීම පිණිස පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරනු ලබන්නේ TIEP (නැවත අපනයනය සඳහා ආනයනය කිරීමේ ක්‍රියාවලිය) ක්‍රියාවලිය හරහාය. මෙම ක්‍රියාවලිය හරහා ගුණාත්මකභාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කළහොත්, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සන්නාමයට හානියක් සිදු විය හැක.

(v) පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම් නියාමනය කිරීමේ බලතල පොල් සංවර්ධන අධිකාරිය සතු නොවන අතර මේ සම්බන්ධව නියාමන බලතල, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වේ. මේ වනවිට ගුණාත්මකභාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය නියාමනය සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතී. තවද, පොල් සංවර්ධන අධිකාරිය වෙත පොල් ක්ෂේත්‍රය නියාමනයට අදාළව පොල් සංවර්ධන පනතින් ලැබී ඇති බලතල අනුව ආනයනයන් නියාමනය සඳහාද නව රෙගුලාසි සකස් කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-12-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks