01

E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0422/2023: Effect of Covid-19 pandemic for foreign employees

422/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,—  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ නැවත රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව රැකියා අහිමි වීම හේතුවෙන් එම ශ්‍රමිකයන් අතරින් යම් පිරිසකට නැවත විදේශගත වීමට නොහැකි වූ  බව පිළිගන්නේද;

(iii) විදේශ රැකියා අහිමි වූ එම ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

(iv) “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි විදේශ රැකියා නිමකර ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රමිකයන්ට බදු නිදහස් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති ණය මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks