පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
419/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා සංඛ්‍යාව සහ ගුවන්විදුලි නාලිකා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) රූපවාහිනී නාලිකා බලපත්‍ර කොන්දේසි සහ ගුවන්විදුලි නාලිකා බලපත්‍ර කොන්දේසි අතර විෂමතා පවතින බව පිළිගන්නේද;
(iv) එම විෂමතා ඉවත්කර ඒකමතිකභාවයක් ඇති කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-27
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) රූපවාහිනී නාළිකා සංඛ්‍යාව (රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළුව) - 25
ගුවන්විදුලි නාළිකා සංඛ්‍යාව (රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළුව) - 51
ඒ අනුව, ලියා පදිංචි කරන ලද රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා 76ක් තිබෙනවා.
(ii) ඇමුණුම I හා II යටතේ දක්වා ඇත.
ඇමුණුම I
(iii) ඔව්. ඉතා විශාල විෂමතාවක් තිබෙනවා, ගරු කථානායකතුමනි.
එක් එක් ගුවන්විදුලි හා රූපවාහිනී නාළිකා සඳහා බලපත්‍ර දී තිබෙන ආකාරයේ බරපතළ විෂමතාවක් තිබෙනවා. කිසිම ක්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙළක් අනුව නොදුන් ඒවා තිබෙනවා. අපි කවුරුවත් ඒවාට වගඋත්තරකරුවෝ නොවෙයි. ඒ ඒ අවස්ථාවල ඇති වෙච්ච තත්ත්වයන් මත තමයි එහෙම වෙලා තිබෙන්නේ.
(iv) "ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍රයන්හි ඒකමතිකභාවයක් ඇති කිරීමේ අරමුණින් විකාශන බලපත්‍ර සඳහා පොදු ආකෘතියක් හඳුන්වා දීම" යන මැයෙන් 2022.07.18 දිනැතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අමප 2/0885/511/008 හා 2022.07.19 දිනැතිව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව කෙටුම්පත් කරන ලද නව විකාශන බලපත්‍රයේ පොදු ආකෘතිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිරීක්ෂණ/නිර්දේශ සඳහා යොමු කර ඇත.
ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදීත් උත්සාහයක් දරා තිබෙනවා, මේ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ඇති කරන්න. දැන් මම අමාත්‍යවරයා වශයෙන් විනිවිදභාවයෙන් යුතුව සහ ඉහළ මාධ්‍ය සංස්කෘතියකුත් ඇති කරගන්නට පුළුවන් වන ආකාරයට බලපත්‍ර නිකුත් කරන්න විශේෂ අවසරයක් ඉල්ලා සිටියා, කැබිනට් මණ්ඩලයෙන්. කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුකාරක සභාවක් පත් කළා. ඒ අනුකාරක සභාවේ සභාපති ධුරය දරන්නේ ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමතිතුමා. විද්‍යුත් විකාශන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැනට බොහෝ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ මඟින් ඒකමතිකභාවයක් ඇතිවන ලෙස, විනිවිදභාවයෙන් යුතුව ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරන්නට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමේ වගකීම දැනට ඉෂ්ට කරගෙන යනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-04-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks