පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
416/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා පොලීසිය සතු නිල සුනඛයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පොලිස් නිල සුනඛයන්ගේ වර්ග කවරේද;
(iii) එම එක් එක් වර්ගය අනුව නිල සුනඛයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්ත කර ඇති නිලධාරින් සංඛ්‍යාව;
(ii) වර්ෂ 2017 සිට 2021 දක්වා පොලිස් නිල සුනඛයන්ගේ ආධාරයෙන් අනාවරණය කරගන්නා ලද අපරාධ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 269කි.
(ii), (iii) පිළිතුර පහත දැක්වේ.
|
අනු අංකය |
වර්ගය |
සංඛ්‍යාව |
|
01 |
ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) |
84 |
|
02 |
ලැබ්රෙඩෝර් රිට්රිවර් (Labrador Retriever) |
52 |
|
03 |
බෙල්ජියම් මැලිනොයිස් (Belgian Malinois) |
28 |
|
04 |
ඉංග්ලිෂ් ස්ප්රින්ගර් ස්පැනියල් (English Springer Spaniel) |
36 |
|
05 |
ටෙරියර් (Terrier) |
12 |
|
06 |
රොට්වයලර් (Rottweiler) |
10 |
|
07 |
ගෝල්ඩන් රිට්රිවර් (Golden Retriever) |
08 |
|
08 |
ඩොබමන් පින්චර් (Doberman Pincher) |
15 |
|
09 |
ඩැල්මේෂන් (Dalmatian) |
07 |
|
10 |
ටෝයි පූඩ්ල් (Toy Poodle) |
01 |
|
11 |
ඇමරිකන් පිට් බුල් (American Pit Bull) |
01 |
|
12 |
ජර්මන් ෂෝට්හෙයාර්ඩ් පොයින්ටර් (German Shorthaired Pointer) |
02 |
|
13 |
බුල්මස්ටිෆ් (Bullmastiff) |
06 |
|
14 |
ඕස්ට්‍රේලියන් ෂීප් ෂේපර්ඩ් (Australian Sheep Shepherd) |
01 |
|
15 |
රිජ්බැක් (Ridgeback) |
02 |
|
16 |
ඇලස්කන් මැලමූත් (Alaskan Malamute) |
04 |
|
එකතුව |
269 |
|
(ආ) (i) 337 කි.
(ii)
|
වර්ෂය |
පොලිස් නිල සුනඛයන් ආධාරයෙන් අනාවරණය කර ගන්නා ලද අපරාධ සංඛ්‍යාව |
|
2017 |
1,612 |
|
2018 |
2,026 |
|
2019 |
1,601 |
|
2020 |
1,592 |
|
2021 |
1,088 |
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks