පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
387/2023
ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2021 වර්ෂයේ, වර්ෂා කාලයේදී නාය යාමට ලක් වූ කොළඹ-මහනුවර ප්‍රධාන බස් මාර්ගයේ, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ, ඉහළ කොටසේ, දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ, නායයෑමේ අවදානම මේ වනතෙක් පහ වී නොමැති බවත්;
(ii) ඉහත ප්‍රදේශයේ පාංශු ස්ථරයේ අභ්‍යන්තරයෙන් ගලා බසින ජලය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවද, තවදුරටත් එම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රදේශය අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ස්ථිර ක්‍රියාමාර්ග කවරේද;
(ii) කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීම සඳහා ඇති විකල්ප මාර්ග සංවර්ධනය කිරීමට අවධානය යොමු කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) කඩුගන්නාවේ සිට බලන දුම්රිය ස්ථානය දක්වා වූ දුම්රිය මාර්ග කොටස නිරතුරුවම නාය යෑම්වලට ලක් වීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා යම් පියවරක් ගත හැකිද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-07
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) අදාළ ස්ථානයේ නාය යෑමේ අවදානම මෙතෙක් සම්පූර්ණයෙන් පහ වී නොමැත.
(ii) ඔව්.
(ආ) (i) ඉහත ප්‍රදේශය අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීමේ ස්ථිර පියවරක් ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සැලසුමට අනුව බෑවුම් ස්ථාපිතකරණය කිරීමේ කටයුතු මහා මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු භාරව කටයුතු කරනු ලබන කොන්ත්‍රාත් සමාගම විසින් 2022.02.12 දින ආරම්භ කරන ලදී.
එහි ඉදිකිරීම් කටයුතුවල මේ වනවිට ප්‍රගතිය සියයට 51යි. ආසියානු සංවර්ධන බැංකු ණය මුදලක් යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට අදාළව 2022 සැප්තැම්බර් මස ලබා දීමට නියමිතව තිබූ ණය මුදලේ කොටස මෙතෙක් ලැබී නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ඒ මුදල ලැබෙන්නේත් නැහැ. ඒ නිසා එම කොන්ත්‍රාත් සමාගමට සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ගෙවීම් කිරීම දිනෙන් දිනම ප්‍රමාද වී ඇත. ඒ හේතුවෙන් කොන්ත්‍රාත් සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු 2023 ජූලි මස සිට අත්හිටුවා තිබේ. එම නිසා ඒ සමාගම දැනට ඒ කටයුත්ත කරන්නේ නැහැ.
කෙසේ වුවද, මෙම නාය යෑමට ලක් වූ බෑවුමෙහි ස්ථායීකරණ කටයුතුවල ඉතිරි වැඩ කොටස් සම්පූර්ණ කිරීම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් සම්පූර්ණ කිරීමට එම ආයතනය විසින් උත්සාහ දරනවා. මොකද, ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් නොලැබෙන නිසා.
(ii) ඔව්. විකල්ප මාර්ගයක් ලෙස මාර්ග කිලෝමීටර 100,000 වැඩසටහන යටතේ ගනේතැන්න කොවිල්කන්ද හරහා මහන්තේගම දක්වා මාර්ගය දැක්විය හැකි අතර, එම මාර්ගය කොළඹ - නුවර මාර්ගයේ 95 වන කිලෝමීටර කණුව පසු කර මීටර් 100ක් පමණ දකුණු පසින් පිහිටා ඇති අතර, මාර්ගයේ මුළු දුර කිලෝමීටර 7.7කි. පළල මීටර් 5.4කින් සංවර්ධනය කිරීමට යෝජිතව තිබුණි. එයින් කිලෝමීටර 5.296ක කොටසක් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වන අතර, එම කොටස P81(QA) ඍජු කම්කරු ශ්‍රමය යටතේ රුපියල් මිලියන 161.4 ඇස්තමේන්තු කර සකස්කොට ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති) කාර්යාලය මඟින් සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයට අයත් කිලෝමීටර 0.993 කොටස සඳහා P82(QA) යටතේ රුපියල් මිලියන 132.6ක ඇස්තමේන්තුවක් සකස් කර තිබුණි. මෙම විකල්ප මාර්ගයේ ගූගල් සිතියම මම මේ අවස්ථාවේදී සභාගත* කරනවා.
මෙම මාර්ගය කඩුගන්නාව-ගම්පොළ ප්‍රධාන මාර්ගයටද - B-172 මාර්ගයටද - සම්බන්ධ වේ. මෙම මාර්ගය සංවර්ධනය කිරීමට හැකියාව තිබුණේ නම්, කඩුගන්නාව නාය ගිය අවස්ථාවේ මෙම විකල්ප මාර්ගය භාවිත කිරීමටද හැකියාව පැවතුණි.
තවද, ජාතික අය වැය චක්‍රලේඛ අංක 03/2022 අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මෙලෙස ඉදිකිරීම් කටයුතු නවතා ඇති හෝ අඩු ප්‍රගතියක් වාර්තා කර ඇති ව්‍යාපෘති නැවැත්වීමට හෝ කල් දැමීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මෙම මාර්ගයේද සංවර්ධන කටයුතු නවතා දැමීමට කටයුතු කරන ලදී.
(ඇ) දැනට කඩුගන්නාව සහ බලන දුම්රිය ස්ථාන අතර අනතුරුදායක නාය යෑමේ තත්ත්වයක් නොමැත. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රඹුක්කන සිට බලන දුම්රිය ස්ථාන අතර ඉතා අනතුරුදායක නාය යෑමේ අවදානම සහිත ස්ථාන 4ක් හඳුනාගෙන ඇත. ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු - AIIB - ආධාර මත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. මේ වනවිට අදාළ කාර්යයන් සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks