පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
383/2023
ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්කාඩ්පත් රජයේ නිසි නියාමනයකින් තොරව ප්‍රධාන නගරවල පදික වේදිකාවේ අලෙවි කරනු ලබන බවත්;
(ii) එම සිම්කාඩ්පත් වංචනික ලෙස විශාල වශයෙන් මිලට ගනු ලබන පුද්ගලයන් විසින් ඒවා අවභාවිතා කර විවිධ අක්‍රමිකතා සිදු කරනු ලබන බවත්;
(iii) අන්තර්ජාලය හරහා භාණ්ඩ ලබා දෙන බවට පොරොන්දු වී වංචනික ආකාරයෙන් බැංකු ගිණුම්වලට මුදල් බැර කර ගැනීමේ ජාවාරමක් සිදු කරනු ලබන බවත්;
(iv) මහනුවර, රත්නපුර, පිළියන්දල, බදුල්ල සහ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල තරුණයන් මේ වනවිට එම ජාවාරමෙහි ගොදුරක් බවට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, ඉහත වංචා වැළැක්වීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-27
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) සිම්පත් අළෙවි කරන ස්ථාන කවරක් වුවත්, මේ අවස්ථාව වන විට සිම්පත් නිකුත් කිරීම 2019.08.02 දිනැති අංක 2134/56 දරන රෙගුලාසියට අනුකූලව, රජයේ නිසි නියාමනයක් සහිතව සිදුවන බවත්, එලෙස ලියාපදිංචි කිරීම දුරකථන සමාගම්වල වගකීම බවත් දන්වනු කැමැත්තෙමි.
(ii) විවිධ වංචා සිදු විය හැකි ය. එවන් වංචා සඳහා යොදා ගන්නා සිම්පත්, උසාවි නියෝගයක් මත විසන්ධි කිරීම දුරකථන සමාගම්වලට කළ හැකිය.
(iii) එවන් වංචා සිදු විය හැකිය. මේ සඳහා යොදා ගන්නා අන්තර්ජාල සම්බන්ධතාව, උසාවි නියෝගයක් මත හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නියෝග මත විසන්ධි කිරීම දුරකථන සමාගම්වලට කළ හැකිය.
(iv) මෙවන් වංචාවලට හසු වූ තරුණ පිරිස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටිය හැකිය.
(ආ)
a. අංක 2134/56 දරන 2019.08.02 දිනැතිව නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුකූලව දුරකථන සිම්පත් නිකුත් කිරීම සිදු කරන ලෙසට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලුම සේවාදායක සමාගම් වෙත උපදෙස් ලබා දී ඇත. එයට අනුව සිම්පත් ලියා පදිංචිය සිදු කරන්නේ ද යන්න පිළිබඳව කොමිෂන් සභාව විසින් පසු විපරමක් සිදු කරනු ලබයි.
b. රෙගුලාසියට අනුව අවශ්‍ය තොරතුරු සපුරා නොමැති සිම්පත්, දුරකථන ක්‍රියාකරු සමාගම විසින් විසන්ධි කිරීම.
c. දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහාය ලබා ගනිමින් මාසිකව මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා ගැනීමටත්, එම අංක සේවාදායක සමාගම් වෙත යොමු කර ඒ අංක යටතේ ලබාගෙන ඇති සිම්පත් අවලංගු කිරීමටත්, ඉදිරියට එම ජාතික හැඳුනුම්පත් අංක සඳහා සිම්පත් නිකුත් නොකිරීමටත් සේවාදායක සමාගම් වෙත උපදෙස් ලබා දී ඇති අතර, මේ සම්බන්ධව නිරන්තර පසුවිපරම් කර බැලීමක් සිදු කරනු ලබයි.
d. වංචා හෝ අක්‍රමිකතා සඳහා යොදා ගන්නා සිම්පත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ලබාගත් උසාවි නියෝග මත දුරකථන සමාගම් විසින් විසන්ධි කිරීම සිදු කරනු ලබයි.
සිම්පත් නැවත ලියාපදිංචිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග:
a. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිම්පත් නැවත ලියාපදිංචි කිරීම 2021 වසරේ සිදු කළ අතර, එම වැඩසටහන කඩිනමින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
b. රෙගුලාසිය නිකුත් කිරීමට පෙර ක්‍රියාකාරී තත්ත්වයේ සිටි ග්‍රාහකයන් බහුතරයකගේ තොරතුරු දුරකථන සමාගම්වල තිබුණද, සැලකිය යුතු ප්‍රමාණයකගේ තොරතුරු ඔවුන්ගේ පද්ධතිවල නොමැත. එම ග්‍රාහකයන් නිවැරදි තොරතුරු මත නැවත ලියාපදිංචිය සිදු කිරීමත්, එලෙස නැවත ලියාපදිංචි නොවන ග්‍රාහකයන් විසන්ධි කිරීමත් නීතිමය පදනමක් මත සිදු කිරීම සඳහා නීතිපති උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කනක හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks