01

E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0005/2023: මහ බැංකු බැඳුම්කර වංචා: ආර්ථිකයට සිදු වූ බලපෑම

5/2023

ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මහ බැංකු බැඳුම්කර වංචා සිදු  කරන ලද කාලවකවානු කවරේද;

            (ii)       එම වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම කවරේද;

              යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා මහ බැංකු චෝදනා ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සිදු වූ කාල සීමාව වන්නේ, 2015 පෙබරවාරි සිට 2016 අප්‍රේල් මස දක්වා කාලය වන අතර, දැනට ඒ සම්බන්ධව නඩු කිහිපයක්ම විවිධ අධිකරණවල විභාග වෙමින් පවතී.

              (ii)      ශ්‍රී ලංකා මහ බැංකුව චෝදනා ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බලපෑම පිළිබඳව විවිධ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, මෙම කරුණු පිළිබඳ නඩු කිහිපයක්ම විවිධ අධිකරණවල විභාග වන බව දන්වමි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks