පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1986/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට රජය සතු පෞද්ගලික සමාගම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සමාගම්වල නම් සහ ඒවා අදාළ වන අමාත්‍යාංශය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iv) එම එක් එක් සමාගම්වල ශ‍්‍රී ලංකා රජය සතු කොටස්වල ප්‍රතිශතය සහ පෞද්ගලික අංශය විසින් ආයෝජනය කර ඇති කොටස්වල ප‍්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) පෞද්ගලික ආයෝජකයින්ගේ නම් සහ ලිපිනයන් එක් එක් සමාගම අනුව කවරේද;
(vi) එම එක් එක් සමාගම 2009 සහ 2010 වර්ෂවලදී ලබා ඇති ශුද්ධ ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-22
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம - சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)
(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International Monetary Co-operation and Deputy Minister of Finance and Planning)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
(ii) ඇමුණුම 1හි (i) හා (ii) යටතේ සඳහන් වේ.
(iii) ඇමුණුම II හි සඳහන් වේ.
(iv) ඇමුණුම 1හි (iii) හා (iv) යටතේ සඳහන් වේ.
(v) ඇමුණුම IIIහි සඳහන් වේ.
(vi) ඇමුණුම 1හි (v) යටතේ සඳහන් වේ. ඇමුණුම් 1, II සහ III ඉදිරිපත් කරමි.
ඇමුණුම් පුස්තකාලයේ තබා ඇත.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks