01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3581/2022: ලංකා විදුලිබල මණ්ඩලය: හිඟ විදුලි බිල්පත්

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2022 ඔක්තෝබර් 01 දිනට විදුලි පාරිභෝගිකයින් වෙතින් රුපියල් මිලියන 25,836ක්, එනම් රුපියල් 25,836,791,094.15ක් අය විය යුතුව ඇත.

              (ii)       විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි (පෞද්ගලික) සමාගම විසින් නඩත්තු කර ගෙන යනු ලබන   විදුලි පාරිභෝගික දත්ත පද්ධතිය තුළ "ප්‍රසිද්ධ     හා බලවත් පුද්ගලයන්" වශයෙන් වෙනම වර්ගීකරණයක් පවත්වාගෙන යනු නොලැබේ. එසේම, බිල්පත් ගෙවීම පැහැර හැර ඇති සියලු දෙනා සම්බන්ධයෙන් සමානාත්මතාවෙන් යුතුව සැලකීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරනු ලබයි.

  (iii) අයවිය යුතු හිඟ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ පුද්ගලයින් හා ආයතන වෙත ලිඛිතව සහ කෙටි පණිවුඩ - SMS alerts - යොමු කිරීම මඟින් දැනුම් දෙන අතර, විදුලි සම්බන්ධතා සිඳලීම - disconnections - හරහාද හිඟ මුදල්  අය කර ගැනීමට - for recoveries -  හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී. මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් පසුගිය මාස 03ක කාලය තුළ රුපියල් බිලියන 03කට ආසන්න හිඟ හිටි විදුලි බිල්පත් ප්‍රමාණයක මුදල් අය කර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබුණි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks