පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1963/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, උග්ගල්බැවුල, උඩපීක්වැල්ල වර්ෂ 200ක් පමණ පැරණි ගංගාතිලක පුරාණ විහාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කිරීම සඳහා නම් කරන ලද සිද්ධස්ථානයක් බවත්;
(ii) එහි සියලු ගොඩනැගිලි සහ විහාර බිතු සිතුවම් විනාශවෙමින් පවතින බවත්;
(iii) මෙම විහාරස්ථානය පිහිටා ඇති භූමියද නායයාමේ තර්ජනයකට මුහුණපා ඇති බවත්;
(iv) එම නිසා විහාරස්ථානය පාමුලින් වැටී ඇති මාතර-වැල්ලවාය මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) උග්ගල්බැවුල, උඩපීක්වැල්ල ගංගාතිලක විහාරස්ථානයේ බිතු සිතුවම් සහ එහි භූමිය සංරක්‍ෂණය කිරීම සඳහා සැලසුම් කර තිබේද;
(ii) මේ වන විට ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) එසේ නම්, වෙන්කර ඇති මුදල කොපමණද;
(iv) මුදල් වෙන්කර තිබේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජාතික උරුමයන්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) ජගත් බාලසූරිය මහතා (ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යතුමා)
(மாண்புமிகு (கலாநிதி) ஜகத் பாலசூரிய - தேசிய மரபுரிமைகள் அமைச்சர்)
(The Hon. (Dr.) Jagath Balasuriya - Minister of National Heritage)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්
(iv) ඔව්
(ආ) (i) ඔව්
(ii) ඔව්
(iii) රුපියල් මිලියන 3.5යි.
(vi) 2013 වසරේ දෙවැනි කාර්තුව තුළ මේ කටයුත්ත ආරම්භ කරනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ජගත් බාලසූරිය මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks