01

E   |     |  

 දිනය: 2013-02-21   පිළිතුර ලබා දී ඇත 

1960/2013: විශ්වවිද්‍යාලයන්හි ආරක්ෂක සේවා : සමාගම්

1960/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයන්හි මෙතෙක් ආරක්‍ෂක කටයුතු කළ  සමාගම් සමඟ පැවති ගිවිසුම් නියමිත කාලය සම්පූර්ණවීමට පෙර අවලංගු කර ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම නවතා ඇති බවත්;

  (ii)   එම ආරක්ෂක සේවා සැපයීම වෙනත්  පෞද්ගලික ආරක්‍ෂක සමාගම් කිහිපයකට පවරා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  විශ්වවිද්‍යාලයන්හි ආරක්ෂක කටයුතු පවරා ඇති නව සමාගම්වල නම් කවරේද;

  (ii)  එම එක් එක් සමාගමේ හිමිකරුවන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)   (i)  ඉහත සඳහන් නව සමාගම්වලට ආරක්‍ෂක කටයුතු පැවරීමේදී ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;

  (ii)  එසේ නම්, ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලැබූ ආයතනවල නම් කවරේද;

  (iii)  ටෙන්ඩර් කැඳවීමක්  සිදු නොකළේ නම්, ඊට හේතු කවරේද;

  (iv)  විශ්වවිද්‍යාල ආරක්ෂක සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරීන් සඳහා තිබිය යුතු අවම සුදුසුකම් හා ඔවුන්ට හිමි වරප්‍රසාද කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.බී. දිසානායක මහතා

(மாண்புமிகு எஸ்.பி. திசாநாயக்க)

(The Hon. S.B. Dissanayake)

(අ)          (i)      අදාළ ගිවිසුම් ප්‍රකාරව සේවය ලබා ගැනීම නවතා ඇත.

              (ii)      විධිමත් පරිපාටිය අනුගමනය කර රජයට අනුබද්ධ සමාගම් දෙකකට පවරා ඇත.

(ආ)         (i)      සී/ස රක්නා ලංකා ආරක්ෂක සමාගම

                         සී/ස එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගම.

              (ii)      මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර එතුමා සමාගම් ලියා පදිංචි කිරීමේ කර්යාලයෙන් සොයා දැන ගත යුතුයි.

(ඇ) (i) අමාත්‍ය මණ්ඩලය විසින් 2011.09.22වැනි දින එළැඹි තීරණය පරිදි ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(ii) අදාළ නොවේ.

(iii) ඉදිරියේදී විශ්වවිද්‍යාලවල ආරක්ෂක කටයුතු සී/ස රක්නා ලංකා ආරක්ෂක සමාගමට සහ සී/ස එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගමට පැවරීම 2011.09.22වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(iv) සී/ස රක්නා ලංකා ආරක්ෂක සමාගමට සහ සී/ස එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගමට එම අවස්ථාව ලබා දී තිබෙන නිසා සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. බී. දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks