පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1953/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, අක්මීමන ප්‍රදේශයේ, තල්ගම්පල, ගොනාමුල්ල වැවේගොඩ තේ කර්මාන්තශාලාව වර්ෂ පහක පමණ කාලයක සිට වසා දමා ඇති බවත්;
(ii) එම නිසා ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ට තම තේ දළු අලෙවි කර ගැනීමේදී ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවී ඇති බවත්;
(iii) ඉහත කර්මාන්තශාලාව තුළ රුපියල් කෝටියකට වඩා වටිනා දේපළ දිරාපත්වෙමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම තේ කම්හල වසා දැමීමට හේතු වූ කරුණු කවරේද;
(ii) එවැනි තේ කම්හලක් විනාශ වී යාමට හැරීම ජාතික අපරාධයක් බැවින් එහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද සමරසිංහ මහතා
(மாண்புமிகு மஹிந்த சமரசிங்க)
(The Hon. Mahinda Samarasinghe)
ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුර.
(අ) (i) රජය සතු වතු 1992 වර්ෂයේදී පෞද්ගලීකරණය කරන ලද අවස්ථාවේ සිට්‍රස් වතු යාය, අනෙකුත් වතු 24ක් සමඟ වර්ෂ 53ක බදු කාලයක් සඳහා නමුණුකුල වැවිලි සමාගමට බදු පදනම යටතේ ලබාදී ඇත.
සිට්‍රස් වතු යායේ වැවේගොඩ කොටසේ ස්ථාපිත කර ඇති වැවේගොඩ තේ කර්මාන්ත ශාලාව පිටතින් දළු මිලදී ගෙන පවත්වා ගෙන යන ලද නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන අතර, පිටතින් අමු දළු ලබා ගැනීමේ අපහසුතා හේතුවෙන් 2008.09.04 දින සිට වසා දමා ඇත.
(ii) ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද පෞද්ගලික තේ කර්මාන්තශාලා කිහිපයක් පවතින බැවින් ගැටලුකාරි තත්ත්වයක් මතු වී නොමැත.
(iii) නමුණුකුල වැවිලි සමාගමට අයත් එම ප්‍රදේශයේ ඇති තවත් කර්මාන්තශාලා හයකට සේවා සැපයෙන නැවත තේ සැකසුම් කරන - tea reprocessing - කර්මාන්ත ශාලාවක් ලෙස මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා අලුත්වැඩියා කර ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
(ආ) (i) පෞද්ගලික තේ කර්මාන්තශාලා මෙම ප්‍රදේශයේ අලුතෙන් බිහිවීමත් සමඟ මෙම කර්මාන්ත ශාලාව උපරිම ධාරිතාවක් ලාභදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමු තේ දළු ප්‍රමාණය පිටතින් ලබා ගැනීමට නොහැකි විය.
(ii) නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. නමුණුකුල වැවිලි සමාගමට අයත් එම ප්‍රදේශයේ ඇති අනෙකුත් කර්මාන්ත ශාලා හයකට සේවා සැපයෙන නැවත තේ සැකසුම් කරන - tea reprocessing - කර්මාන්ත ශාලාවක් ලෙස පවත්වා ගෙන යාම සඳහා ඇලුත්වැඩියා කර ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
(iii) කර්මාන්තශාලාව 2013 අප්‍රේල් මාසයේ 1වැනි දා විවෘත කරන්න සූදානම් බවට නමුණුකුල වැවිලි සමාගම ලිඛිතව අපට දැනුම් දීලා තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks