01

සි   |     |  

 Date: 2013-02-19   Answered 

1953/2013: GONAMULLA, WEWEGODA TEA FACTORY : RESTARTING OF PRODUCTION

1953/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Plantation Industries,—

(a) Is he aware that—

(i) the tea factory of Thalgampola, Gonamulla, Wewegoda in Akmeemana of Galle District has been closed for about five years now;

(ii) therefore, the tea small holders of the said area have to face several difficulties, in selling their leaf tea; and

(iii) property, valued over ten million rupees, is going waste inside the aforesaid factory?

(b) Will he state—

(i) the reasons for the closure of that tea factory;

(ii) whether steps will be taken to restart production, as it is a national crime to leave such a tea factory to destruction; and

(iii) if so, when?

(c) If not, why?

 

Asked Date

2013-02-19

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Plantation Industries

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු මහින්ද සමරසිංහ මහතා

(மாண்புமிகு மஹிந்த சமரசிங்க)

(The Hon. Mahinda Samarasinghe)

ගරු කථානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුර.

(අ)          (i)      රජය සතු වතු 1992 වර්ෂයේදී පෞද්ගලීකරණය කරන ලද අවස්ථාවේ සිට්‍රස් වතු යාය, අනෙකුත් වතු 24ක් සමඟ වර්ෂ 53ක බදු කාලයක් සඳහා නමුණුකුල වැවිලි සමාගමට බදු පදනම යටතේ ලබාදී ඇත.

                         සිට්‍රස් වතු යායේ වැවේගොඩ කොටසේ ස්ථාපිත කර ඇති වැවේගොඩ තේ කර්මාන්ත ශාලාව පිටතින් දළු මිලදී ගෙන පවත්වා ගෙන යන ලද නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන අතර, පිටතින් අමු දළු ලබා ගැනීමේ අපහසුතා හේතුවෙන් 2008.09.04 දින සිට වසා දමා ඇත.

(ii) ප්‍රදේශයේ අලුතින් ඉදි කරන ලද පෞද්ගලික තේ කර්මාන්තශාලා කිහිපයක් පවතින බැවින් ගැටලුකාරි තත්ත්වයක් මතු වී නොමැත.

(iii) නමුණුකුල වැවිලි සමාගමට අයත් එම ප්‍රදේශයේ ඇති තවත් කර්මාන්තශාලා හයකට සේවා සැපයෙන නැවත තේ සැකසුම් කරන - tea reprocessing - කර්මාන්ත ශාලාවක් ලෙස මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා අලුත්වැඩියා කර ආරම්භ කිරීමට කටයුතු කර ඇත. 

(ආ)         (i)      පෞද්ගලික තේ කර්මාන්තශාලා මෙම ප්‍රදේශයේ අලුතෙන් බිහිවීමත් සමඟ මෙම කර්මාන්ත ශාලාව උපරිම ධාරිතාවක් ලාභදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අමු තේ දළු ප්‍රමාණය පිටතින් ලබා ගැනීමට නොහැකි විය.

(ii) නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. නමුණුකුල වැවිලි සමාගමට අයත් එම ප්‍රදේශයේ ඇති අනෙකුත් කර්මාන්ත ශාලා හයකට සේවා සැපයෙන නැවත තේ සැකසුම් කරන - tea reprocessing - කර්මාන්ත ශාලාවක් ලෙස පවත්වා ගෙන යාම සඳහා ඇලුත්වැඩියා කර ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

(iii) කර්මාන්තශාලාව 2013 අප්‍රේල් මාසයේ 1වැනි දා විවෘත කරන්න සූදානම් බවට නමුණුකුල වැවිලි සමාගම ලිඛිතව අපට දැනුම් දීලා තිබෙනවා.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-02-19

Answered by

Hon. Mahinda Samarasinghe, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks