පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1949/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ, බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවට අයත් නක්කල සතිපොළ මීට වර්ෂයකට පමණ පෙර විවෘත කළ බවත්;
(ii) විවිධ පුද්ගලයන්ගේ බලපෑම් නිසා මේ වන විට වෙළෙදුන්ට එහි පැමිණ වෙළඳාම් කිරීමට නොහැකිවී ඇති බවත්;
(iii) ඒ නිසාම සතිපොළ පාළුවට ගොස් ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) නක්කල සතිපොළෙහි පවත්නා මෙම තත්ත්වය මඟහරවා වෙළෙදුන්ට නිදහසේ වෙළඳාම් කිරීමටත් ඔවුන්ට ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවත්නා ගැටලු විසඳාදීමටත් කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඊට ගත වන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) නැත.
(iii) 2011 සහ 2012 වර්ෂවල ටෙන්ඩර් කැඳවූ නමුත් බදුකරුවන් ඉදිරිපත් නොවීම නිසා බදු දීමට නොහැකි වී ඇත.
(ආ) (i) 2013.03.01 දින සිට ප්‍රාදේශීය සභාව මඟින් පවත්වාගෙන යනු ලැබේ.
(ii) පැන නොනඟී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks