පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1944/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය දැනට පිහිටා ඇති ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමේ සූදානමක් තිබේද;
(ii) එසේ නම්, එම පාසල නැවත ස්ථාපනය කරන ස්ථානය කවරේද;
(iii) ඒ සඳහා සැලසුම් සකස් කර තිබේද;
(iv) ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(v) එසේ නම්, නව පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-28
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)
(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி அமைச்சர்)
(The Hon. Bandula Gunawardane - Minister of Education)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්. (දෙයියන්දර නගර සංවර්ධනය කිරීමේදී නගරයේ පවතින වෙනත් පොදු අවශ්‍යතාවන් සඳහා ඉඩ කඩ සලසා ගැනීම පිණිස, නගර සංවර්ධන සැලැස්ම අනුව, මුලටියන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව විසින් මෙම පාසල වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට යෝජනා කර ඇත.)
(ii) මෙම පාසලට ආසන්නයේම ඇති කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පිහිටි ඉඩමේ මෙම පාසල ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.
(මුලටියන ප්‍රාදේශීය ලේකම්ගේ අංක එම්යූඑල්/එල්එන්ඩී/02/06 හා 2011.08.15 දිනැති ලිපිය අනුව)
(iii) ඔව්. ඉඩම පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
(iv) පාසල ඉදි කිරීම සඳහා වියදම ප්‍රාදේශීය සභාව වෙතින් දැරීමට, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට යොමු කර ඇත.
(v) ඉඩම පවරා ගැනීමෙන් පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks