01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3218/2022: ඉදිකිරීම් කටයුතු සඳහා ලියාපදිංචි ආයතන: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු සුදත් මංජුල මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ ප්‍රතිපාදන මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබා සිටින ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව 2022.11.25 දිනට 2,785කි.

                        මූලාශ්‍රය: ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 1/9/6 හා 2022.11.25 දිනැති ලිපිය.

(ii) ශ්‍රේණීන් අනුව වර්ගීකරණය කර ඇත.

මූලාශ්‍රය: ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 1/9/6 හා 2022.11.25 දිනැති ලිපිය.

(iii) අංක 2057/5 දරන 2018 පෙබරවාරි 05 දින අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් කාණ්ඩ දෙකක් යටතේ වර්ගීකරණය කෙරේ.

1. ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්: ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් CS2, CS1 සහ C1 සිට C9 දක්වා ශ්‍රේණි 11 ක් හා ගොඩනැඟිලි, මහාමාර්ග, පාලම්, ජල සම්පාදන හා මලාපවහනය, වාරිමාර්ග සහ ජලාපවහන ඇළ මාර්ග, මඩකැඩීම් සහ ඉඩම් ගොඩකිරීම, වැසි ජලය බැහැර කිරීම සහ භූ ජල අපවහනය, සමුද්‍රීය ඉදිකිරීම්, මහා පරිමාණයේ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර  09ක් යටතේ ලියාපදිංචි කෙරේ.

2. විශේෂඥ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්: විශේෂඥ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ප්‍රධාන ක්ෂේත්‍ර 03ක් යටතේ ලියාපදිංචි කරනු ලැබේ.

විදුලි හා යාන්ත්‍රික සේවා කොන්ත්‍රාත්කරුවන් (EM)

විශේෂිත ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් (SP)

භූ තාක්ෂණික ජම්බාර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් (GP)

මූලාශ්‍රය : අංක 2057/5 හා 2018.02.05 දිනැති ගැසට් පත්‍රය.

 

(ආ) (i) 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 36වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අංක 2181/21 දරන 2020 ජූනි 25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති විනය කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරනු ලබයි.

මූලාශ්‍රය : ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 1/9/6 හා 2022.11.25 දිනැති ලිපිය.

(ii) 1. මේ දක්වා මේ පිළිබඳව වාර්තා වී නොමැත.

2. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් අසාධු ලේඛනගත කිරීමට බලය ඇත්තේ ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අධිකාරි බලය ඇති රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවටය.

මූලාශ්‍ර : ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 1/9/6 හා 2022.11.25 දිනැති ලිපිය.

(ඇ) පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොවේ.  

 

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks